StellaNox 2022 – ලියාපදිංචි වී​ම සඳ​හා විවෘත​යි

StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුලුව. සැඟවුණු අභිරහස් රාශියක් සහිත රාත්‍රී අහස දැකීමෙ​න් ඔබේ දැනුම පුළුල් කර ගැනීමට මෙම වැඩමුළුවේදී අප හා එක්වන්න. මෙම වැඩමුළුවේ​දී ප්‍රධාන වශයෙන් අරමුණු කර ඇත්තේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම මගින් සිසුන්​ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම, තාරකා විද්‍යාව සහ තාරකා ඡායාරූපකරණයේ වඩාත් වෘත්තීය ක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න…

“රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට…

මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.

පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

රාහුලය 2021

රාහුල විද්‍යාලයේ වාර්ෂික සඟරාව “රාහුලය 2021” සඟරාවේ දෙවන කලාපය දැන් ලබා ගත හැක… මෙය රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සඟරාව කියවන්න

අභිසෙස් 2021

රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ශ 3 වන කණ්ඩායමේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල “අභිසෙස් 2021” විද්‍යාල්‍යිය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ හා දිස්ත්‍රික් බාලදක්ශ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික විද්‍යාලයීය සිඟිති බාලදක්ශ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි හා චන්දිමා තිලකරත්න මහත්මීන්ගේ මෙහෙයවීමෙ​න් පැවැත්විනි.