ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවයි. රාහුල විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම එදා මෙදා තුර ඉතිහාසය පුරාවටම ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බිහි කරමින් ජයග්‍රහණ රැසක් ලබමි​න් පවත්වාගෙන යනු ලබයි.

  • 2001 වසරේ 17න් පහ​ළ මයිලෝ කුසලාන සමස්ත ලංකා ශූරතාවය දිනා ගැගැනීම
  • 2011 වසරේ 17න් පහ​ළ ආනන්ද විද්‍යාලයීය ආරාධි​ත පාසල් සත්සාමාජික තරඟාවලි අනුශුරතාව දිනාගැනීම
  • 2011 සමස්ත ලංකා 17 න් පහ​ළ තෙවන ස්ථානය දිනාගැනීම
  • 2012 වසරේ 19න් පහ​ළ මයිලෝ කුසලාන සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගැනීම
  • 2013 වර්ෂයේ 19න් පහ​ළ දකුණු පළාත් ශූරතාවය දිනාගැනීම සමස්ත ලංකා දක්ෂතම කණ්ඩායම් හතරට ඇතුළත් වීම
  • 2013 වර්ෂයේ 19න් පහ​ළ මයිලෝ පළමු කාණ්ඩයේ තරඟයකදී ගෝල 20-0ක් ලෙස නව තරග වාර්තාවක් බිහි කිරීම (2012 වර්ෂයේ එම තරගාවලියේ ශූරයන් වූ කෑගල්ලේ ශාන්ත මරියා කණ්ඩායමට එරෙහිව)

  • 2014, 2015 වර්ෂයේ වයස අවු 15න් පහ​ළ කණ්ඩායම පාසල් පාපන්දු සංගමය මගින් පවත්වන දීප ව්‍යාප්ත පාපන්දු තරගාවලියේ දිස්ත්‍රික්ක ශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා වරම් ලබා ගැනීම
  • 2016 වර්ෂයේ වයස අවුරුදු 15න් පහ​ළ 17න් පහළ හා 19න් පහළ මාතර කලාපයේ ශූරතාවය දිනා ගැනීම
  • 2016 වර්ෂයේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම දකුනු පළාතේ අනුශූරතාවය ලබා ගනිමින් සමස්ත ලංකා වරම් ලබා ගැනීම
  • 2017 වර්ෂයේ 18න් පහ​ළ මාතර කලාප ශූරතාවය හා පළාත් ශූරතාවය දිනා ගැනීම
  • 2016 වර්ෂයේ 17 න් පහ​ළ ආනන්ද සත් සාමාජික පළි​හ අනුශුරතාවය දිනා ගැනීම
  • 2018 වර්ෂයේ 18න් පහ​ළ මාතර කලාප ශූරතා​ව හා පළාත් ශූරතාව දිනා ගැනීම
  • 2018 Matara League තරඟාවලියේ රාහුල විද්‍යාල කණ්ඩායම අවසාන තරඟයට පිවිසීම
  • 2022 වර්ෂයේ 18 න් පහ​ළ මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනාගැනීම
  • 2022 වර්ෂයේ 16 න් පහ​ළ මාතර දිස්ත්‍රික් තෙව​න ස්ථානය දිනාගැනීම

රෙහාන් බ්‍රයන් වීරප්පුලි – විද්‍යාලයීය ක්‍රීඩා නායක 2020/21

  • 2017 ජාතික පාපන්දු කණ්ඩාය​ම නියෝජනය කරමින් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ පාපන්දු තරඟවලිය සඳ​හා නේපාල සංචාරය
  • 2017 ජාතික පාපන්දු කණ්ඩාය​ම නියෝජනය කරමින් ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 2018 ආසියානු වයස අවුරුදු 16න් පහළ තේරීම් තර​ඟ සඳ​හා සව්දි අරාබියේ සංචාරය
  • 2019 ජාතික පාපන්දු කණ්ඩාය​ම නියෝජනය කරමින් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 18න් පහළ පාපන්දු තරඟවලිය සඳ​හා නේපාල සංචාරය
  • 2019 ජාතික පාපන්දු කණ්ඩාය​ම නියෝජනය කරමින් ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 2020 ආසියානු වයස අවුරුදු 19න් පහළ තේරීම් තරඟ සඳ​හා කටාර් සංචාරය
  • 2019 සුහද පාපන්දු තර​ඟ සඳහා මැලේසියාවේ සංචාරය
  • 2021 වයස 23න් පහළ ජාතික සංචිතයේ අවසන් 25 දෙනා අතර​ට තේරි පත් වීම
  • 2022 වයස 23න් පහළ ජාතික සංචිතයට තේරි පත් වීම

රාහුල විද්‍යාලීයය වාර්ෂික අන්තර්-පන්ති පා පන්දු තරගාවලිය

රාහුල විද්‍යාලීයය වාර්ෂික අන්තර්-පන්ති පා පන්දු තරගාවලිය පසුගිය 20වනදා උයන්වත්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි. 

Read more

රන් දද සටන 2023 : 19වන පාපන්දු තරගාවලියේ රාහුල විද්‍යාලීය කණ්ඩායම

රාහුල විද්‍යාලිය කණ්ඩායම :- කේ. ජී. රවිඳු සමීර ජී. පී. රෙසඳු තරුනෙත් එච්. ජී. ඩබ්. හිමත් කාන්චන ඩබ්. ජී. දිනිදු ලක්ෂාන් ඩී. ඒ. ලසිරු බිනුවර එච්. එම්. අමිරු ඉන්දිස ජී. සඳරු අකලංක හේෂාන් කේ. ජී. දුලින ඔෂාන් නිම්දිනු පවන් ඉසුරු සල්ගාදු ඩී.වී.එස්. මුතුමාල ජනාධි එස් දිසානායක පී.එච්.ඩබ්.වී.ඒ. දෙවිඳු අමෝද්‍ය මොහොමඩ් සජිත් කේ. ජී. දෙවින් වේජිත…

Read more

රන් දද සටන – 19 වන පාපන්දු තරගාවලිය 2023

අපේක්ෂාවෙන් යුතුව බලා සිටි රන්දද සටනේ මීළඟ තරගාවලිය, දෙසැම්බර් 1වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී.. එය අනපේක්ෂිත අවසානයකින් ආරම්භ වන සටන් බිමකි!

Read more

අන්තර් පන්ති පාපන්දු තරඟාවලිය 2023

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 6 සහ 7 ශ්‍රේණි අන්තර් පංති පාපන්දු තරඟාවලිය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය මේජර් චතුර කිතුලගොඩ මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

Read more

18 වන රන් දද පාපන්දු කුසලානයේ ජයග්‍රාහක​යා 2022

රාහුල විද්‍යාලය සහ මාතර ශාන්​ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන රන් දද පාපන්දු තරඟයේ මෙවර ජයග්‍රහණය ගෝල 3 ට 0 වශයෙන් රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසි​න් ජයග්‍රහණය කරනු ලැබී​ය. විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

Read more

2022 රන් දද පාපන්දු තරඟය කල් තැ​බේ

රාහුල විද්‍යාලය සහ මාතර ශාන්​ත තෝමස් විද්‍යාලය අතර අද දින පැවත්වීමට නියමිතව තිබූ 18 ව​න වාර්ෂික “රන් ද​ද පාපන්​දු තරගය” පවත්නා අයහපත් කාලගුණික තත්වය ම​ත කල්තැබීමට සිදුවූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. නැවත තරඟය පැවැත්වෙන දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.

Read more

පාපන්දු මාතර දිස්ත්‍රික් අවුරුදු 18න් පහ​ළ ප්‍රථම ස්ථාන​ය

මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහ​ළ පාපන්දු ප්‍රථම ස්ථාන​ය රාහුල විද්‍යාලය විසින් දිනාගන්​නා ලදී.

Read more