විද්‍යාභිමානී
විද්‍යාභිමානි යනු වාර්ෂිකව පවත්වන මහා විද්‍යා, තාක්ෂණික සහ කලා ප්‍රදර්ශනයකි. උසස් පෙළ විද්‍යා, ගණිත හා තාක්ෂණ අංශවල සිසුන් මුල් වී මෙම උලෙළ සිදුකරන අතර දින 3ක් හෝ 4ක් පුරාවට මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. ඇතම් වසර වලදී උසස් පෙළ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් මත සතියක කාලයක් පුරාවට මෙම ප්‍රදර්සහනය පවත්වා ඇත.
විද්‍යාභිමානි ’23 ප්‍රදර්ශනය අති සාර්ථක අඳමින් 2023 වසරේදීද සියවස් ප්‍රතාප වැඩපිළිවෙළට සමගාමීව රාහුල විද්‍යාලීය විද්‍යා සංගමයේ ප්‍රමුඛත්වයෙන් ගණිත,විද්‍යා ,තාක්ෂණ,කලා,වාණිජ ඇතුලු සමස්ථ උසස් පෙල සිසුන් ගේ මැදිහත් වීමෙන් පවත්වන ලදී. ළමුන් 12000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 25,26 හා 27 යන දින ත්‍රිත්වයේ පාසල් භූමියේදි මෙම උලෙළ පැවැත්වුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව,ගමනාගමන දෙපාර්තමේන්තුව ,ත්‍රිවිධ හමුදාව,තැපැල් දෙපාර්තමේන්තුව,විදුලි බල මණ්ඩලය,පශු සම්පත් කලමණාකාර මණ්ඩලය,බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන රැසක් මෙන්ම රුහුණු විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය,ඉංජිනේරු පීඨය , මොරටු විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය,ඉංජිනේරු පීඨය ඇතුලු පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් මෙවර විද්‍යාභිමානි පරදර්ශනය වර්ණවත් විය. එමෙන්ම රාහුල විද්‍යා සංගමය විසින් එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු කල දැවැන්තම ව්‍යාපෘතිය ලෙස විද්‍යාභිමානි ’23 හැඳින්විය හැක.