සුභ පැතුම්!

කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් රාහුල විදුහල් ක්‍රීඩක බිනුද බෝජිතට! වයස අවුරුදු 18න් පහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ මීටර් 45.13ක දුරක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට බිනුදට සුබ පැතුම්.

රාහුලයෙකුගෙන් නව තරග වාර්තාවක්!

2024 කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ අවුරුදු 16 න් පහළ මීටර් 800 ඉසව්වේ පළමු ස්ථානය 1:58.92 ක නව ජාතික වාර්තාවක් සමඟින් හිමිකර ගැනීමට රාහුල විද්‍යාලයේ H.W.නේතන් විලද්දර සමත් විය.

20වැනි රන් දද මහා සටන

රාහුල විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන 20 වන රන් දද මහා පාපන්දු තරගය ජූලි 27 වන දා සවස 2:30ට උයනවත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.