රාහුල විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමේ අරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  පැසිපන්දු පාසල් කණ්ඩායමක් වීමයි.

නූතන ජයග්‍රහණ

විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායම මීට පෙර ශූරතා රැසක් දිනාගෙන ඇත. මෙම ශූරතා අතර මෑතකාලීන ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වේ.

  • 2016 වසරේ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ ‘සී’ කොටසේ තරගයේදී තෙවිඳු දිල්මිත්ගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු 17න් පහළ පැසිපන්දු කණ්ඩායමට දෙවැනි ස්ථානය හිමිව තිබේ. එම තරඟාවලියේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයාට හිමි කුසලානය විද්‍යාලයීය කණ්ඩායමේ උපනායක නිමේෂ් ආකර්ෂණ විසින් හිමිකර ගන්නා ලදී.
  • මනුජ කේශික සහ චන්දුප ඉඳුවරගේ නායකත්වයෙන් 2017 වසරේ ජාතික පාසල් දකුණු පළාත් පැසිපන්දු තරගාවලියේ 2 වැනි ස්ථානය දිනා ගැනීමට ද වයස අවුරුදු 15න් පහළ පැසිපන්දු කණ්ඩායම සමත් විය.

Battle of Bonce වාර්ෂික පැසි පන්දු තරගාවලිය – 2023

  • 13න් පහළ – රාහුල විද්‍යාලය

කැපී පෙනෙන ආදි ශිෂ්‍යයින්

රාහුල මාතාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට සමත් විය. එවැනි ක්‍රීඩකයන් සඳහා නිදසුන් ලෙස, කපිල ලියනගේ මහතා සහ ටී. ටී. ඊ. ජයසේකර යන මහතා දැක්විය හැක. ඔවුන් ක්‍රීඩා කළ සෑම ශූරතාවකම හොඳම දස්කම් දක්වමින් අපේ රාහුල මාතාවට ගෞරවය ගෙන ඒමට සමත් විය.

ආසන්නතම පුව​ත්

Battle of Bounce 2023 ජයග්‍රාහකයින්ට උණුසුම් සුබ පැතුම්

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති වාර්ෂික පැසිපන්දු තරගාවලිය 2023 අප්‍රේල් මස 08 වන දින රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී සාර්ථකව අවසන් විය.

Read more

“Battle of Bounce” වාර්ෂික පැසිපන්දු තරගාවලිය

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂික පැසිපන්දු තරගාවලිය අප්‍රේල් මස 08 වන දින ප.ව 3.00 සිට රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පැවැත්වේ.

Read more