ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙ​ල

රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල පසුගිය දින රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය චින්තක ද සිල්වා මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනි ගනේවත්තම් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

රාහුල සියවස් සමරු නිල ලාංඡනය එළි දැක්වී​ම

රාහුල විද්‍යාලයීය සියවස් සැමරුම් නිල ලාංඡනය එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණ. රාහුල විද්‍යාලය, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එක්ව සියවස් සැමරුම් උත්සව පිළිබඳව නුදුරේදීම ඔබව දැනුවත් කරනු ලැබේ. https://youtu.be/H_rnu87y8bk

ලෝක ළමා දින සැමරුම් උළෙල 2022 – ප්‍රාථමික අංශ​ය

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා  

13 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරි​ය

13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසි​ත පෙරේරා මහ​තා

වසරකට පෙර අ.පො.ස උසස් පෙළ කඩඉම ජයගත් පුන්සි​සි

වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0

Conzovensia 2022 – ලියාපදිංචි වන්​න

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබ​න අභ්‍යන්තර පාසල් ඒකල තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්ම​ක තරඟය සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ලියපදිංචි වී​ම සඳහා : https://conzovensia.web.app/ නීති සහ රෙගලාසි : https://conzovensia.web.app/#rules

2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පරිත්‍යාග කරන ලද නව පරිගණක විද්‍යාගාර​ය

https://youtu.be/CSJCPbybygU රාහුල ව්ද්‍යාලයීය 2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් මිලියන 6.5 ක පමණ පිරිවැයක් දරමින් නිමකළ wifi තාක්ෂණය මගින් ජාලගත කරන ලද පරිගණක යන්ත්‍ර 60කින් යුත් පරිගණක විද්‍යාගාර 2ක් පසුගිය දින රාහුල විද්‍යාලයීය සිසුන් උදෙසා විද්‍යාලයීය සියවසට සමගාමීව පරිත්‍යාග කරන ලදි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහ​තා