බෞද්ධ සංගමය යනු පාසල් ප්‍රජාවගේ සාරධර්ම සහ ආකල්ප සංවර්ධනය මූලික ම අභිලාෂය කොට ගත් විද්‍යාලයීය සංවිධානයකි.  උසස් ගුණාංග හා සාරධර්ම වලින් පිරිපුන් ශිෂ්‍ය ප්‍රජාවක් සහිත රාහුල විද්‍යාලයේ, බෞද්ධ සංගමයද අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියයි…

  • රහල් ප්‍රජාවගේ සාරධර්ම සංවර්ධනය උදෙසා වැඩසටහන් සංවිධානය කිරීම.

  • පෙර පොහොය දින ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීම.
  • වෙසක් , පොසොන් පුර පොහොය දින විශේෂ සැමරුම්.

  • දෛනික ව පාසල තුළ සිදු කෙරෙන බුද්ධ පූජා සහ බුද්ධ මන්දිරයේ පවිත්‍රතාවය පවත්වාගැනීම.

  • 6 සිට 11 ශ්‍රේණිය දක්වා  පන්ති නියෝජනය කරමින් සාමාජිකයන් දෙදෙනා බැගින් සහ ශ්‍රේණි නියෝජනය කරමින් එක් කාරක සභිකයෙක් පත් කරගනු ලැබේ.
  • උසස් පෙළ ශිෂ්‍යයින් වෙනුවෙන් අංශ මට්ටමින් එක් කාරක සභිකයෙකු වන සේ සාමාජිකයන් පත් කරගනු ලැබේ.
  • උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින්ගෙන් සමන්විත නිලධාරී මණ්ඩලය රාහුල විද්‍යාලයීය බෞද්ධ සංගමය භාර ආචාර්යවරයාගේ මඟපෙන්වීම යටතේ කටයුතු කරයි.
  • විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා ,ගරු විදුහල්පතිතුමන් , නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්ගේ අධීක්ෂණය මත විද්‍යාලයීය බෞද්ධ සංගමය කටයුතු කරයි.
  • 2019
  1. අන්තර් පාඨශාලයීය බෞද්ධ නාට්‍ය තරගාවලිය සඳහා අප විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ “ වෙසක් කූඩුව ” නම් නාට්‍ය එම තරගාවලියේ ප්‍රශස්ත ම නාට්‍ය ත්‍රිත්වය අතරට එක් වීම. එම නාට්‍යයේ පිටපත සහ පුහුණුව, විද්‍යාලයීය නාට්‍ය හා රංග කලාව විෂය භාර ආචාර්යය නිපුන බාලසූරිය මහතා විසින් සිදුකරන ලදි.
  1. මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සංවිධානය කරන ලද අන්තර් පාඨශාලයීය සිසු නිපුණතා තරගාවලියේ කථික ජේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය – නිසල් කොඩිතුවක්කු
  • 2021
  1. මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද “දම්රද පැනසර “දහම් දැනුම තරගාවලියේ අනුශූරතාවය හිමි කරගැනීම. ඒ සඳහා කණ්ඩායම පුහුණු කිරීම බෞද්ධ සංගමය භාර ප්‍රේමසිරි ගුරු පියාණන් විසින් සිදු කරන ලදි.
    ජයග්‍රාහී කණ්ඩායම :

නිසල් කොඩිතුවක්කු 
දෙනෙත් මුණසිංහ 
සචින්ත දිල්ෂාන්
මංජි ලියනාරච්චි
සුසර රුවන්පතිරණ  

  1. මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද “දම්රද පැනසර “ දහම් දැනුම සමස්ත තරගාවලියේ ලකුණු අතර ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය දිනා ගැනීම.