“අත්‍තානං දමයන්‍ති පණ්ඩිතා”

“පණ්ඩිතයෝ ආත්ම දමනය කර ගනිති”

මෙම ආදර්ශ පාඨය ධම්මපදයේ අසුවෙනි ගාථාවෙහි අවසන් පෙළ යි.

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

පාලි

දියාලුවෝ තමනට කැමති තැනට දිය ගෙන යති
හී තනන්නෝ තමනට කැමති පරිදි හී දඬු නවති
දැව වඩුවෝද රිසි පරිදි දැව නවා උපකරණ සාදති
පඩිවරු තමන් සිත තමා විසින්ම දමනය කර ගනිති

සිංහල