සියවසක ප්‍රවුඩ ඉතිහාසයකට හිමිකම් ඇත්තාවූද,දෙස් විදෙස් කීර්තියට පත් හා දේශයට අනභිභවනීය සේවාවක් ඉටුකරන්නා වූද උගතුන් බුද්ධමතුන් ගුනයහපත්කමින් සරසා රටට දායාද කලාවූද අභිමානවත් රාහුල මාතාවගේ විදුහල්පති ලෙස පණිවිඩයක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි. රාහුලය මෙවන් අභිමානනීය ස්ථානයක පිහිටුවීමට රාහුලයට නායකත්වය ලබාදුන් ගවුරවනීය විදුහල්පතිවරුන් මෙන්ම ගුරු දෙමාපියවරුන්ද මේ මොහොතේ ගවුරවයෙන් සිහිපත් කරමි.

රාහුලයට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනඟමින් උගත්කම බුද්ධිමත්කම ගුනවත්කම දක්ෂතාව නවෝත්පාදන හැකියාව නිර්මාණශීලිත්වය ප්‍රදර්ශනය කරමින් මෙතුවක් රාහුලය බැබළවූ ආදී සිසුන් ආදර්ශයට ගනිමින් වත්මන් හා අනාගත රහල් පුතුන්හට මග පෙන්වීමට රාහුල වෙබ් අඩවිය හරහා හැකිවේ යයි විශ්වාස කරමි. හුදෙක් එදිනෙදා තොරතුරු වලින් ඔබ්බට ගොස් වත්මන් රාහුලයන්හට අනන්‍ය වූ අනාගතයක් තාක්ෂණික ලෝකය හරහා උකහා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායිද එම කාර්‍යය ඉටුකිරීමට රාහුල වෙබ් කණ්ඩායමට හැකිවේවායි පතමි.

සමිතා කුරුකුලසූරිය
විදුහල්පතිනිය 
රාහුල විදුහල.

නියෝජ්‍ය විදුහල්පතිවරු

ඒ.ඩී. චන්ද්‍රලතා මහත්මිය

නියෝජ්‍ය විදුහල්පතිනි - අධ්‍යාපන සංවර්ධන

ඩී.ඩී.එස්. හේමන්තිකා මහත්මිය

නියෝජ්‍ය විදුහල්පතිනි

එච්.පී.ඩබ්. ග්‍රේෂන් උපජිත් මහතා

නියෝජ්‍ය විදුහල්පති