රාහුල වංශ කතාවේ නැවුම් පිටුවක් සනිටුවන් කරමින් 1907 වර්ෂයේදී ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල් සාමිවරයා විසින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය,රාහුල විද්‍යාලය තුළ ආරමිභ කිරීමේ නියත විවරණ ලබනුයේ 1928 වර්ෂයේදීය. එවකට විද්‍යාලයීය ගරු  විදුහල්පති වරයා වූයේ G.විලියම් ද සිල්වා මහතා ය.

1951 සැප්තැම්බර් මස 21 වන දින විද්‍යාලීය ගරු විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ D.J. කුමාරගේ මහතාගේ සේවා කාලය තුලදී එවකට විද්‍යාලයීය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ  S.H.A.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් යුතුව  බාලදක්ෂයන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව “තුන්වන මාතර රාහුල බාලදක්ෂ සමූහය” ලෙස රාහුල බාලදක්ෂ සමූහයට නැවතත් පණපොවන ලදි.

  1. 1953 දී මාතර දිස්ත්‍රික් ප්‍රථම රැජින බාලදක්ෂ කණ්ඩායම බිහි කිරීම.

  2. 1953 දී මානවක බාලදක්ෂ ව්‍යාපාරයත් පෝතක බාලදක්ෂ ව්‍යාපාරයත් ආරම්භ කිරීම.

  3. 1980 – 2005 දක්වා රාහුල විද්‍යාලයීය  බාලදක්ෂ ආචාර්යවරයා ලෙස රාජා මුත්තුක්කාර මහතා පත්වීමත් සමග තුන්වන  මාතර රාහුල  විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ ස්වර්ණමය  යුගය ආරම්භ විය.

  4. 1990 දී  ලංකා G. නිශාන්ත සිල්වා මහතා විසින් රාහුල විද්‍යාලයීය  තුන්වන මාතර බාලදක්ෂ සමූහයේ  නිල ලාංඡනය නිර්මාණය කරන ලදි.

  5. 1991 වසරේ රාහුල බාලදක්ෂ  සමූහයේ හතළිස් වන සංවත්සරය වෙනුවෙන් බාලදක්ෂයින් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් රූබී ජුබිලි කදවුර රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේ දී  පැවැත්වීම.

     
  6. 1992 දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 41 ක් සපිරීම නිමිත්තෙන් දිස්ත්‍රික් බාලදක්ෂ රැලියක් පැවැත්වීම.

  7. 1993 දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 42ක් සපිරිම නිමිත්තෙන් දිස්ත්‍රික් බාලදක්ෂ රැළියක් පැවැත්වීම.

  8. 1999 දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 48ක් සපිරීම  නිමිති කරගනිමින් බාලදක්ෂයින් 300 කගෙන් පමණ යුත් බාලදක්ෂ දිනයක් සංවිධානය කිරීම

  9. 2003 දී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට 52 වසරක් පිරීම නිමිත්තෙන් ද බාලදක්ෂ දිනයක් සංවිධානය  කිරීම.

  10. 2004 වසරේ රාහුල විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංසදය පිහිට වීම.

  11. 2008 වසරේ  දිස්ත්‍රික් බාලදක්ෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීම.

  12. 2011 වසරේ ආරම්භ කළ සිංහයන්ගේ පිබිදීම ජාතික මට්ටමේ ගවේෂණ තරගාවලිය ආරම්භ කිරීම. ( එය මේ වන තෙක් වසර 9ක් අඛණ්ඩව පවත්වාගෙන යන්නකි )

  13. 2021 වසරේදී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ ධජය නිර්මාණය කිරීම.

  14. 2021 වසරේදී  රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නිල ලාංජනයක්ද එලිදක්වන ලදී.

  15. 2021 වසරේදී අභිනව බාලදක්ෂ ගෘහයටද මුල්ගල් තබන ලදි.

  16. 2021 වසරේදී ලංකාවේ පළමු සමස්ථ ලංකා මාර්ගගත බාලදක්ෂ තරගාවලිය වූ “Inqu Expedition ’21” තරගාවලිය සංවිධානය කිරීම

මේ වන විට රැජින බාලදක්ෂයින් ජනාධිපති බාලදක්ෂයන් හා රන්තරු ලාභී පෝතක බාලදක්ෂයින්  500 කට අධික පිරිසක් ජාතියට දායාද කිරීමට සමත් වූ රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය වර්තමානය වන විට  සිගිති පෝතක හා බාලදක්ෂ යන අංශයන්හි බාලදක්ෂයින්  700 කටත් අධික ප්‍රමාණයකින් සමන්විතය.

  • 1956 – ගාල්ලේ පැවැති බාලදක්ෂ කබෝරියේදි දක්ෂතම බාලදක්ෂ කණ්ඩායමට හිමි පළිහ දිනා ගැනීම .
  • 1957 – ලෝක බාලදක්ෂ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් එංගලන්තය පැවති ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා රාහුල විද්‍යාලයීය  බාලදක්ෂ  සමූහයත්, ශ්‍රී ලංකාවත් නියෝජනය කරමින් රාහුල බාලදක්ෂයෙක් සහභාගී වීම.
  • 1963 – බාලදක්ෂ ඉපයීමේ සතිය තුළ දිවයිනේ වැඩිම මුදලක් ඉපයූ සමූහය බවට පත්වෙමින් තුන්වන මාතර බලදක්ෂ සමූහය ඇන්ඩෘකැල්කොට් රජතමය කුසලානය  දිනා ගැනීම.
  • 1965 – මාතර දී පැවැත්වූ දක්ෂිණ ලංකා කබෝරියහි දක්ෂතම බාලදක්ෂ කණ්ඩායමට හිමි පළිහ දිනා ගැනීම.
  • 1995 – ලක්දිව වැඩිම ජනාධිපති බාලදක්ෂ පිරිසක් වසරකදී දැයට දායාද කළ බාලදක්ෂ සමූහයන් අතරින් 3 වන ස්ථානයට පත්වීම, පාකිස්තානයේ පැවති සාර්ක් ජම්බෝරිය සඳහා සහභාගි වූ බාලදක්ෂයින් පිරිස නියෝජනය කිරීම.
  • 2002 – ජපානයේ පැවති නිපෝන් ජම්බෝරියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාහුල බාලදක්ෂයන් සහභාගි වීම, බ්‍රිතාන්‍යයේ  පැවති ලෝක බාලදක්ෂ ජම්බෝරියට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාහුල බාලදක්ෂයන් සහභාගි වීම.
  • 2003 – රාජන්ස් ජින් බාලදක්ෂ ජම්බෝරියේ හොඳම බාලදක්ෂ කණ්ඩායම බවට පත් වීම.
  • 2004 – ඉන්දියාවේ පැවැත් වූ අන්තර්ජාතික ධීර වැඩසටහනට සහභාගි වීම.
  • 2007 – එංගලන්තයේ පැවැත්වූ 21වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සහභාගී වීම, ශ්‍රී ලංකාවේ පැවති ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වී රාහුල විද්‍යාලයීය  බාලදක්ෂයන් දක්ෂතා දැක්වීම.
  • 2008 – රාහුල විද්‍යාලයීය බාදක්ෂයින් සිවු දෙනකු එවරස්ට් මූල කදවුර සාර්ථකව තරණය කිරීම
  • 2017 – පිලිපීනයේ පැවති පිලිපීන ජාතික ජම්බෝරියට සහභාගී වීම.
  • 2018 – දකුණු කොරියාවේ පැවති  ජාත්‍යන්තර කාණ්ඩ නායක ජම්බෝරියට සහභාගී වීම, වසරේ වැඩිම ජනාධිපති බාලදක්ෂයින්  බිහි කරනු ලබනු ලබන පාසල් අතරින් තෙවන ස්ථානයට  පත්වීම.
  • 2019 – බංගලාදේශයේ පැවැති බංග්ලාදේශ ජාතික ජම්බෝරියට සහභාගී වීම, ඇමෙරිකාවේ පැවති 24 වන ලෝක  බාලදක්ෂ ජම්බෝරියට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම.
  • 2020 – ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු අන්තර්ජාල ජම්බෝරියට රාහුල බාලදක්ෂයින් සහභාගී වීම.
     
     

නායක :

තේජාන් තීක්ෂණ මාතරගේ

උප නායක :

ධරණ චමල්ප වල්පොළ

ලේකම් :

යොමාල් බිම්සර වික්‍රමසිංහ

ප්‍රධාන සංවිධායක :

නිදුල සත්සර

භාණ්ඩාගාරික :

රනුල් ජනාදිත් වික්‍රමසිංහ

ගබඩා පාලක :

ශෂික සඳරුවන්

පදක්කම් ලේකම් :

සහිරු නිමන්දිත් කරුණාරත්න

ප්‍රථමාධාර ලේකම් :

අදිත පංකජ දික්කුඹුර

කමිටු සාමාජිකයින් :

කුෂාන් අචින්ත යාපා
සුහර සුජයන
ඔෂාන් නයනාත් වර්ණසූරිය
ඔමිත වෙත්නුල ද සිල්වා
රන්දික දෙව්මිත් හේවාකණ්ඩම්බි
සසිත් නිම්ලක ජයරුක්

රාහුල බාලදක්ෂ සමූහයේ 2023/24 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ සමූහ කවුන්සිලය

නායක : තේජාන් තීක්ෂණ මාතරගේ උප නායක : ධරණ චමල්ප වල්පොළ ලේකම් : යොමාල් බිම්සර වික්‍රමසිංහ ප්‍රධාන සංවිධායක : නිදුල සත්සර භාණ්ඩාගාරික : රනුල් ජනාදිත් වික්‍රමසිංහ ගබඩා පාලක : ශෂික සඳරුවන් පදක්කම් ලේකම් : සහිරු නිමන්දිත් කරුණාරත්න ප්‍රථමාධාර ලේකම් : අදිත පංකජ දික්කුඹුර කමිටු සාමාජිකයින් : කුෂාන් අචින්ත යාපාසුහර සුජයනඔෂාන් නයනාත් වර්ණසූරියඔමිත වෙත්නුල ද සිල්වාරන්දික…

Read more

රහල් පෝතක අබිසෙස් 2023

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂ පදක්කම් පැළඳවීමේ උළෙල පසුගියදා රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහ​ය – අමිල කන්ද උඩ ආරච්​චි මහ​තා

Read more

Enthornement ’23

Enthornement ’23. රාහුල විද්‍යාලයීය 7 ශ්‍රේණිය බාල දක්ෂ සිසුන්ගේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය වින්ග්  කමාන්ඩර්, විරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා

Read more

පාගමන සඳහා සහභා​ගී වූ රාහුල බාලදක්ෂයි​න්

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.

Read more

2022 ප්‍රථම ජාතික බාලදක්​ෂ කිඩෝරි​ය

2022 නොවැම්බර් මස 26 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා මාතර දිස්ත්‍රික්කය නොයෝජනය කරමි​න් රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයින් 74 දෙනෙ​කු සහභායී විය. ඡායාරූප අනුග්‍රහ – අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා

Read more

රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයිමන්ගේ පදක්කම් පැළැඳවීමේ සහ විසිරයා​මේ උළෙ​ල

රාහුල විද්‍යාලයීය සිව්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 74 දෙනෙක් පදක්කම් ලැබීමේ සහ තෙවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිසුන් 81 දෙනෙක් විසිර යෑමේ උළෙල, “අභිසෙස් 2022”  විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරී අණදෙ​න මේජර් S.G. වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් V.G. ඉන්දික ප්‍රසන්න මහතාගේ සහභාගීත්වයෙන්…

Read more

13 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරි​ය

13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසි​ත පෙරේරා මහ​තා

Read more

පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

Read more

අභිසෙස් 2021

රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ශ 3 වන කණ්ඩායමේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල “අභිසෙස් 2021” විද්‍යාල්‍යිය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ හා දිස්ත්‍රික් බාලදක්ශ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික විද්‍යාලයීය සිඟිති බාලදක්ශ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි හා චන්දිමා තිලකරත්න මහත්මීන්ගේ මෙහෙයවීමෙ​න් පැවැත්විනි.

Read more

ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය

රාහුල විද්‍යාලයේ ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය අප්‍රේල් 7 වන දින විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති පත්මිනි ගනේවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දී පැවැත්විණි. Previous Next

Read more