Battle of the Ends | 2026

මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය වෙනුවෙන් මාතර අභිමානය වන රාහුල විද්‍යාලය සහ යාපනයේ හාට්ලි විද්‍යාලය මෙවරත් කරට කර සටනකට සැරසෙයි. උතුරේත් දකුණේත් සහෝදරත්වය සහ ක්‍රීඩාශීලීත්වය විදහා දක්වන මෙම මහා ක්‍රිකට් සංග්‍රාමය, අභිමානයේ සහ සම්ප්‍රදායේ මහා හමුවීමකි.

රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල | 2026

රාහුල විද්‍යාලයීය වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල – 2026, පසුගිය මාර්තු මාසයේදී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. ජයග්‍රාහී ජවය සහ ක්‍රීඩාශීලීත්වය මැනවින් විදහා පෑ මෙම උළෙලේදී, අපේ රාහුල පුත්‍රයන් සිය නිවාසයන් වෙනුවෙන් දැක්වූ දක්ෂතා අතිශය ප්‍රශංසනීයයි. ධාවන පථයේ මෙන්ම විචිත්‍රවත් ආචාර පෙළපාලි තුළින්ද ඔවුන් තම විද්‍යාලයීය අනන්‍යතාවය ලොවටම ප්‍රදර්ශනය කළහ. ජයග්‍රහණය ලැබූ සියලුම…

රාහුල විද්‍යාලයීය වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026

රාහුල විද්‍යාලයීය වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026 සජීවීව! https://youtube.com/rahulacollege #RahulaCollege #RahulaCollegeLK

රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍යනායක මණ්ඩලය.

රාහුල විද්‍යාලයේ 2026-27 වසර සඳහා අභිනව විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. ප්‍රධාන ශිෂ්‍යනායක : අරිත අමරතුංග ප්‍රධාන විධායක සංවිධායක හා උප ප්‍රධාන ශිෂ්‍යනායක : ආලෝක විශ්මිත උප ප්‍රධාන ශිෂ්‍යනායක : පුන්සර දේවේන්ද්‍ර උප ප්‍රධාන ශිෂ්‍යනායක : වෙතුම් සත්සිදු

3 ශ්‍රේණිය හඳුන්වාදීමේ සහ ක්‍රියාකාරකම් දිනය | 2025

මාතර රාහුල විද්‍යාලයේ 2026 වර්ෂයේ 3 ශ්‍රේණිය ට පිවිසෙන දරුවන් හදුනාගැනීමේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය සහ සතුට බෙදාගැනීමේ වැඩ සටහන ගරු විදුහල්පති තාරකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් , 3 ශ්‍රේණියේ අංශ ප්‍රධාන සරත් ගුණතිලක මහතාගේ සහ ශ්‍රේණි භාර ආචාර්‍ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් ප්‍රාථමික අංශයේදී පැවැත්වුණි.මෙ⁣ම අවස්ථාවට නියෝජ්‍ය විදුහල්පති දර්ශන ගුණවර්ධන මහතා සහ ප්‍රාථමික අංශයේ ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්…

රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය 2025

විශිෂ්ටත්වයේ රාහුලීය සලකුණ! උදාර ක්‍රීඩා පෞරුෂයන් ඇගයීමට ලක් කළ, රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ අභිමානවත් මතක සටහන.