දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී විශ්ව තාරුකගෙන් ලෝකඩ පදක්කමක්

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම රාහුල විද්‍යාලයේ හිටපු ක්‍රීඩා නායක E.විශ්ව තාරුක (2023/24) විසින් දිනා ගැනීමට සමත් විය.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාහුලයෙක්

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව සඳහා රාහුල විදුහලේ හිටපු ක්‍රීඩා නායක(23/24) E.විශ්ව තාරුක තේරීපත්ව ඇත.තවද අප පාසලේ ආචාර්ය අමිල හපුගල මහතා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මේ සඳහා සහභාගී වෙයි.

Enrollment ’24 | සිඟිති බාලදක්ෂ පදක්කම් ලැබීමේ උළෙල

රාහුල විද්‍යාලයීය හයවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 84 දෙනෙක් පදක්කම් ලැබීමේ උළෙල , විද්‍යාලයීය විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්මියගේ  මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ  වෛද්‍ය සඳුන් එස් විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල  මහතා ඇතුළු සම්භාවනීය  අමුත්තන්ගේ  සහභාගීත්වයෙන්, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි හරීන්ද්‍රා මොහොට්ටාල  මහත්මිය, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර ආචාර්ය දේවිකා…