ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව!

රාහුල විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති,කමල් ගාල්ලගේ ගුරු පියාණෙනි,ඔබට නිවන් සුව! රාහුල විද්‍යාලයීය සාතිශය සංවේගය!

උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය

උසස් පෙළ 2020 දිවයිනේ දෙවෙනි ස්ථානය භෞතීය විද්‍යා විෂය ධාරාව සුබ පැතුම්, චමිඳු සංජන!

උසස් පෙළ 2020 දිවයිනේ නවවෙනි ස්ථානය

උසස් පෙළ 2020 දිවයිනේ නවවෙනි ස්ථානයඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව සුබ පැතුම්, සමිත් චානක!

රාහුල විද්‍යාලයේ විදුහල්පතිතුමා

2016 මාර්තු මස 28 වන දින සිට වසර 5ක පමණ කාලයක් විද්‍යාලයේ දියුණුවට ඇප කැප වෙමින් රාහුල විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතා 2021 මැයි මස 4 වන දින සේවා මාරුවක් ලැබ අප පාසලෙන් සමු ගන්නා ලදී. එතුමාට අපගේ කෘතවේදීත්වය පළකර සිටින අතර එතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ශුභාශිංසන එක් කරමු. එමෙන්ම…

රාහුලය 2020

රාහුලය 2020 සඟරාවේ පළමුවන කලාපය දැන් ඔබට පහත සබැඳිය හරහා ලබා ගත හැක.cdn.rahulacollege.lk/magazineමෙය විද්‍යාලයීය 2020/21 ජේෂ්ඨ ශිෂ්‍ය නායක කණ්ඩායමේ ව්‍යාපෘතියකි.අනුග්‍රහය: රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය

98 වසරක සංවත්සරය

1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි. පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය. මඳ​ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා…

තෙසදු දිනෙත් පුතුට ශිෂ්‍යත්වයක්

ශිෂ්‍යත්ව ව්භාගයෙන් ලකුණු 200 ක් ලබා රාහුල ව්ද්‍යාලයට පැමිණි තෙසදු දිනෙත් පුතුට රාහුල ආදි ශිෂ්‍ය, ආදි ශිෂ්‍ය සංගමයේ නීති ලේකම්, නීතිඥ දුලිප් කුමාර මහතා ව්සින් ශිෂ්‍යත්වයක් ලබා දෙන ලදී. රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තෙක් මෙම ශිෂ්‍යත්වය මාසිකව මෙතුමා විසින් ලබාදෙනු ඇත.මෙවන් ආදි රාහුලයන් රහල් මෑණියන්ට සැබැවින්ම අභිමානයකි.

ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය

රාහුල විද්‍යාලයේ ප්‍රාථමික බාලදක්ෂයින්ගේ විසිර යාමේ උත්සවය අප්‍රේල් 7 වන දින විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලෙගේ මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති පත්මිනි ගනේවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දී පැවැත්විණි. Previous Next