රහුල විද්‍යාලයීය පරිසර නියමු සංසදය පිහිටුවීම සඳහා එවකට රහුල විද්‍යාලයේ විදුහල්පති ගුරු පියාණන් වූ නිමල් දිසානායක මහතාගේ අවසරයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යයාලයේ නිළධාරි මහතුන්ගේ උපදෙස් පරිදි කාර්යය භාර නිළධාරී ලෙස ඩී. පී. පී. මනම්පේරි ගුරුතුමියට පවරන ලදී.

ඒ අනුව 2012 වසරේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් 50ක පමණ කණ්ඩායමකින් මාතර රාහුල විද්‍යාලයයේ පරිසර නියමු සංසදය ආරම්භ විය. වසරින් වසර ඔවුන් පරිසර නියමු, හරිත වර්ණ, රජත වර්ණ, ස්වර්ණ වර්ණ වැනි පදක්කම් රාශියකින් රාහුල සැරසීමට තරම් අතිදක්ෂයන් විය.
එලෙස සෑම වසරකම සිසුන් 50ක පමණ කණ්ඩායම් පරිසර නියමු සංසදයට එකතුවිය.

වසර 10ක් මුළුල්ලේ රාහුල පරිසර නියමුවන් විවිධාකාරයේ පරිසර ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සිදුකර ඇත.

  • ගෙවතු වගාව
  • පාසල් පීරියක සැකසීමේ ශ්‍රමදාන
  • වෙසක් පොහොය වෙනුවෙන් මාතර රෝහලේ වාට්ටු පිරිසිදු කිරීමේ ශ්‍රමදාන
  • පරිසර පාගමන්
  • ක්ෂේත්‍ර චාරිකා
  • පරිසර කඳවුරු
  • අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘති
  • කාබනික පොහොර නිෂ්පාදනය
  • නාගරික ගෙවත්ත

මෙවැනි ව්‍යාපෘති රාශියක් සිදුකිරීම තුලින්, පරිසරයට ආදරය කරනා හා පරිසරය රැකගන්නා සිසුන් පිරිසක් මෙන්ම, අභියෝග සඳහා නොබියව මුහුණ දී ජයගන්නා සිසුන් පිරිසක් බිහිකිරීමට හැකිවිය.

2019 :

2013 වසරේදි රාහුල පරිසර නියමු කණ්ඩායමට එක්වූ 6 ශ්‍රේණියේ සිසුන්, 2019 වර්ෂයේදී ජනාධිපති පදක්කම් ලබාගැනීමේ මහඟු අවස්තාවට සුදුසුකම් ලැබීය.එම කණ්ඩායමේ සිසුන් 3 දෙනෙක් ජනාධිපති පදක්කම් ලබා ගත්හ.

  1. අනුසර ජයතුංග

  2. පවන් මනූෂ ඈපා

  3. සනුර අමරසිංහ

පරිසර නියමු සංසදය විසින් රාහුල විද්‍යාලයට ජයග්‍රහණ රැසක් හිමිකර දී ඇති අතර වර්තමානය වන විට,

    • පරිසර නියමු පදක්කම් ලාභී සිසුන් 45ක්,
    • හරිත වර්ණ පදක්කම් ලාභී සිසුන් 10ක්,
    • රජත වර්ණ පදක්කම් ලාභි සිසුන් 10ක් හා
    • ස්වර්ණ වර්ණ පදක්කම් ලාභි සිසුන් 10ක් කණ්ඩායමේ රැඳී සිටී.

භාර ගුරුභවතුන් :

ඩී. පී. පී. මනම්පේරි මිය
ආශා සමරවික්‍රම මිය මෙතිලා ප්‍රනාන්දු මිය

සභාපති :

ජනුල් විද්මල් අමරසිංහ

උප සභාපති :

සනිතු ගීනෝද් විජේසේකර

  • පරිසර නියමු පදක්කම් ලාභී කණ්ඩායම – 1

නායක :

කේ. ජී. අනුදය සඳනිතින්

උප නායක :

දිසිනූ චන්දුල් දිවිතුරේ

සහාය නායක :

වෙනුක සෙත්මල් ජයවික්‍රම

සහාය නායක :

ප්‍රසන් නෙත්මිර මීමනගේ

සහාය නායක :

ඉසිර ඉඳුසර මහගමගේ

  • පරිසර නියමු පදක්කම් ලාභී කණ්ඩායම – 2

නායක :

මනුල පබසර

උප නායක :

සෙනුක දිසානායක

සහාය නායක :

සඳෙව් සස්මිත

සහාය නායක :

පී.කේ.ඒ. තිසුර දිනුජය

  • හරිත වර්ණ පදක්කම් ලාභී කණ්ඩායම

නායක :

අනුසර බාසිලු විදානාච්චි

උප නායක :

සනුග දුල්වන් දෙනගමගේ

සහාය නායක :

ගගන දුල්මිණ සෙනෙවිරත්න

සහාය නායක :

ජනුද දුල්නිත් සෙනෙවිරත්න

සහාය නායක :

පසන් සහන්සර විදානපතිරන

  • රජත වර්ණ පදක්කම් ලාභී කණ්ඩායම

නායක :

රොවිඳු උපුශාන්

උප නායක :

මහීක සංදීප

සහාය නායක :

පුන්සර දේවේන්ද්‍ර

සහාය නායක :

දුලිඳු සඳසර රුබසිංහ

  • ස්වර්ණ වර්ණ පදක්කම් ලාභී කණ්ඩායම

නායක :

දිනුජ තේජාන්

උප නායක :

මේතු මින්තරු යාපා

සහාය නායක :

ඕ. ඩබ්. ලිතුම් ඔනිජ

සහාය නායක :

එල්. ඔවිඳු පීරිස්