රාහුල විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි පිරිමි පාසලකි. එය මුලින් පෞද්ගලික බෞද්ධ පාසලක් වුවද දැන් එය ශ්‍රී ලංකා රජය විසින් ජාතික පාසලක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. රාහුල විද්‍යාලයට අංශ දෙකක් ඇත – ප්‍රාථමික අංශය, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ට අධ්‍යාපනය ලබන අතර ද්විතීයික අංශය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අධ්‍යාපනය ලබයි.

දැක්ම

ලොව අභියෝග ජයගත් විශිෂ්ඨයින් බිහි කරන දිවයිනේ ප්‍රමුඛතම පාසල බවට පත් වීම.

මෙහෙවර

ජාතික පොදු අරමුණු වලට එකඟ වූ දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත අනාගත අභියෝග ජයගත හැකි පරිසරයටත් ආදරය කරන පුරවැසියෙකු බිහි කිරීම.