වර්ෂ 1993 මැයි මස 01 වන දින ආරම්භ කරන ලද රාහුල මාධ්‍ය ඒකකය මේ දක්වා පැමිණි අභිමානවත් ගමන්මඟ පුරාවට නොයෙක් සුවිශේෂී සංධිස්ථානයන්ට හිමිකම් කියයි. අනාගත සන්නිවේදකයින් හට තිඹිරිගෙය වූ රාහුල මාධ්‍ය ඒකකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයන්ගේ නිජබිමකි; ප්‍රවීණයින් තනන තැනකි; විශිෂ්ටයන් නිර්මාණය කරන්නකි. අනේකවිධ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජයග්‍රහණ හිමි කරගනිමින් ඉදිරියටත් විද්‍යාලයීය වංශ කථාව රන් අකුරින් ලියන්නට රාහුල මාධ්‍ය ඒකකය සූදානම්…

  • දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් පාසලේ පැවැත්වෙන වැඩසටහන් ආදී වැදගත් සිදුවීම් පිළිබඳව පාසල් ප්‍රජාව යාවත්කාලීන කිරීම.
  • සතියේ දිනවල එම එක් එක් දිනයට වෙන් වූ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පාසල් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනයට උපකාරී වීම.
  • පාසල් සිසුන්ගේ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම.
  • පාසල මඟින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම.
  • මාධ්‍ය දින තරගාවලි සංවිධානය කිරීම.
  • පාසල් මාධ්‍යවේදීන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණෙන් 2018 වර්ෂයේ දී Voice’18 අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලිය සංවිධානය කිරීම.
  • 2021 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහොය දිනයට සමගාමී ව විද්‍යාලයීය බෞද්ධ සංගමය හා ඒකාබද්ධ ව “රහල් දම්නද’21” අන්තර් පාඨශාලීය ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සංවිධානය කිරීම.
  • මහනුවර රණබිම රාජකීය විද්‍යාලය විසින් 2021 වර්ෂයේ දී සංවිධානය කරන ලද “සිහස් සංකතන ‘21” අන්තර් පාසල් මාධ්‍ය දින තරගාවලියේ ක්‍රීඩා විවරණ අංශයෙන් ප්‍රථම ස්ථානය – සවිරු වීරසිරි
  • කොළඹ රාජකීය විද්‍යාලය විසින් 2021 වර්ෂයේ දී සංවිධානය කරන ලද Wild Eye ‘21” අන්තර් පාසල් ඡායාරූපකරණ තරගාවලියේ ප්‍රථම ස්ථානය – පවිත් මාලක
  • කොළඹ අනුලා විද්‍යාලය විසින් 2021 වර්ෂයේ දී සංවිධානය කරන ලද “Vidasa ‘21” අන්තර් පාසල් ඡායාරූපකරණ තරගාවලියේ වනජීවී ඡායාරූපකරණ අංශයේ ප්‍රථම ස්ථානය – පවිත් මාලක
  • කොළඹ විශාඛා විද්‍යාලය විසින් 2020 වර්ෂයේ දී සංවිධානය කරන ලද “Eunoia” අන්තර් පාසල් කථික තරගාවලියේ සමස්ත ලංකා සිව්වන ස්ථානය – මංජි ලියනාරච්චි

මාධ්‍ය ඒකකය භාරව කටයුතු කරන වත්මන් නියමුවරු දෙපළ වන සුරංග රත්නායක ගුරුපියාණන්ගේත් උපුල් සිරිවර්ධන ගුරුපියාණන්ගේත් මෙහෙයවීම මත කටයුතු කරන 2021/2022 වර්ෂ සඳහා වූ නිලධාරී මණ්ඩලය මෙසේයි:

සභාපති :

දිනෙත් අධීෂ

උප සභාපති :

හසංක දිල්ශාන්

ලේකම්  :

ජිත්මික සෙනුර

උප ලේකම් :

දසුන් ගුණරත්න

භාණ්ඩාගාරික :

ඉශාක්‍ය රන්හිරු

උප භාණ්ඩාගාරික :

ඔසඳ ඉමෙඳු

ප්‍රධාන සංවිධායක :

ප්‍රසිත් දිසානායක

උප සංවිධායක :

ප්‍රමෝද්‍ය දීපාල්

ප්‍රධාන සිංහල නිවේදක :

නිසල් කොඩිතුවක්කු

ප්‍රධාන ඉංග්‍රීසි නිවේදක :

මංජි ලියනාරච්චි

ප්‍රධාන තාක්ෂණික ශිල්පී :

මලිඳු තත්සර බණ්ඩාර

නියෝජ්‍ය තාක්ෂණික ශිල්පී :

තිසෙන් මේලක

ප්‍රධාන වෙබ් අඩවි රචක :

මන්මෙත් ගයාත්ම

උප වෙබ් අඩවි රචක :

ඔමිඳු ඉඳුවර

ප්‍රධාන ඡායාරූප ශිල්පී :

දිල්මුතු අබේකෝන්