2008 මාර්තු 07 වන දින මාර/රාහුල විද්‍යාලයට වුශූ ක්‍රීඩාව හදුන්වාදී​ම හා සමස්ත ලංකා පාසල්, ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන මෙන්ම, පුරා දශකයට අධික කාලයක් රහල් දරුවන් දහස් ගණනකගේ මානසික/කායික ශික්ෂණය මෙනම් ආදි ශිෂ්‍ය සංගමයේ හා විද්‍යාලයේ සෑම විශේෂ උත්සව ආදී කටයුතු වලදී වූශූ දරුවන්ගේ හා ක්‍රීඩාවේ දායකත්ව​ය උපරිමයෙන් ලබාදෙමින් කටයුතු කරන ලද අතර, මෙතෙක් සමස්ත ලංකා පාඅසල් වූශූ තරඟ 8කට සහභාගී වී විද්‍යාලයට අත්කර දුන් කීර්තිනාමය හා ජයග්‍රහ​ණ අපමණය.

සමස්ත ලංකා පාසල් ජයග්‍රහණ - පාසල්

ජයග්‍රහණය කරන ලද සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව – 169

රන් පදක්කම් – 56

රිදී පදක්කම් – 58

ලෝකඩ පදක්කම් – 55

 

කණ්ඩායම් තරඟ ජයග්‍රහණ – ශූරතාවයන් – 02

අනුශූරතාවයන් – 02

තුන්වන ස්ථානය – 04

සමස්ත ලංකා ශූරතාවයන් (පළාත්) සියලුම අංශ – 02

සමස්ත ලංකා අනුශූරතාවයන් ගණන, – 01

පළාත් මට්ටමේ ජයග්‍රහණයන්

  • 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් වූෂූ රන් පදක්කම ජයග්‍රහණය කිරීම – T.W. ශෙහාර අංජන (Nanquan අංශය)

  • 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් වූෂූ රන් පදක්කම ජයග්‍රහණය කිරීම – S.K. තදුල තත්සර (Chanquan අංශය)

  • 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් වූෂූ 03 වන ස්ථානය ජයග්‍රහණය කිරීම – M.A. විසුර ඉංදුල (Chanquan අංශය)

  • 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් වූෂූ රන් පදක්කම ජයග්‍රහණය කිරීම – T.W. ශෙහාර අංජන

  • 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් වූෂූ රිදී පදක්කම ජයග්‍රහණය කිරීම – R.S.M. කුලරත්න

කැපී පෙනෙන ක්‍රීඩකයන්

  • 2017 සැප්තැම්බර් 14 – 21 දින දක්වා දකුණු කොරියාවේ පැවති ආසියනු කණිෂ්ඨ වූෂූ තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික වූෂූ කණ්ඩායමට තෝරාගැනීම. අදාළ තරඟාවලියේදී චීනය, ජපානය ඇතුලු රටවල් 15ක් අතුරින් 06 වන ස්ථානය ජයග්‍රහණය කිරීම.
    T.W. ශෙහාර අංජන

  • 2014 – සමස්ත ලංකා වූෂූ තරඟාවලියේ දී රන් පදක්කම් ජයග්‍රහණය කරමින් විශිෂ්ඨ දක්ශතා මත තෝරාගන්නා ලද ක්‍රීඩකයින් තිදෙනෙකු උසස් ඩිප්ලෝමා වූෂූ පාඨමාලාව හැදාරීම සඳහා චීනයේ Qiufu විශ්ව විද්‍යාලය බලා පිටත් වීම.

    M.A. විසුර ඉංදුල / S.K. තදුල තත්සර / හරිදු පුන්සර

වෙනත් ජයග්‍රහණ

ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය, ශ්‍රී ලංකා යුනයිටඩ් වූෂූ සංගමය ආදී පිළිගත් ආයතන මගින් සංවිධානය කරන ලද වූෂූ තරඟ, ශ්‍රේණි විභාග පුහුණු වැඩමුලු සඳහා සහභාගී වී අප විද්‍යාලයේ දරුවන් විශිෂ්ඨ දක්ශතා, ජයග්‍රහණ ලබා ඇත.

පුහුණුකරුවන් : වූෂූ උපදේශක – සිදත් දේවනාරායන මහතා (2008-2022)

ආසන්නතම පුව​ත්