අටවිසි බුද්ධ පූජාව සහ දන්ස​ල

පොසොන් පොහොය නිමිත්තෙන් රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද අටවිසි බුද්ධ පූජාව සහ කුරක්කන් කැඳ දන්සල පසුගියදා විද්‍යාල්‍යීය ප්‍රාථමික පරිශ්‍රයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගම​ය

රාහුල බාලදක්ෂ සමූහයේ 2023/24 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ සමූහ කවුන්සිලය

නායක : තේජාන් තීක්ෂණ මාතරගේ උප නායක : ධරණ චමල්ප වල්පොළ ලේකම් : යොමාල් බිම්සර වික්‍රමසිංහ ප්‍රධාන සංවිධායක : නිදුල සත්සර භාණ්ඩාගාරික : රනුල් ජනාදිත් වික්‍රමසිංහ ගබඩා පාලක : ශෂික සඳරුවන් පදක්කම් ලේකම් : සහිරු නිමන්දිත් කරුණාරත්න ප්‍රථමාධාර ලේකම් : අදිත පංකජ දික්කුඹුර කමිටු සාමාජිකයින් : කුෂාන් අචින්ත යාපාසුහර සුජයනඔෂාන් නයනාත් වර්ණසූරියඔමිත වෙත්නුල ද සිල්වාරන්දික…

සියවස් ප්‍රතාප බටහිර තූර්ය වාදක සන්දර්ශන​ය

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් උසස් බාලි​කා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර ජනාධිපති විද්‍යාලය හා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් සිදුකර​න ල​ද තූර්ය වාදක සන්දර්ශනය රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.

සියවස් සමරු මුද්දරය නිකුත් කිරී​ම

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් සියවස් විශේෂ සමරු මුද්දරය සහ කවරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 25 වන දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, තැපැල්පති ජෙනරාල්  රුවන් සත්කුමාර මහතා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රජිත කේ. රනසිංහ මහතා, නියෝජ්‍ය තැපැල්පති…

සියවස් සැමරුම් උළෙල විවෘත කිරී​ම

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන සියවස් සැමරුම් උළෙල, විද්‍යාභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීම සහ රාහුල විද්‍යාලයීය සියවස් සමරු මුද්දරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 23 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි​ණි. වීඩියෝ අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා https://youtu.be/L9smNL-2Yic

ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වූ හංස මානෙත්

වයස අවුරුදු 15න් පහළ summer season all island badminton championship 2023 සහ, southern open premasiri halabage memorial all island badminton championship 2023 ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වූ හංස මානෙත්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

අවුරුදු 16න් පහළ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා

2023 ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ අවුරුදු 16න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩිකයා වූ බිනුද බෝජිතට අපගේ උණුසුම් සුබ පැතුම්!

පිරිමි මීටර් 1000 දිවීමේ ඉසව්වේ 3වන ස්ථානය

2023 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 1000 දිවීමේ ඉසව්වේ තෙවන ස්ථානය දිනාගත් තරිඳු ලක්ෂාන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය

2023 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ අවුරුදු 16න් පහළ බාලක (1KG) කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් බිනුද බෝජිතට අපගේ උණුසුම් සුභ පැතුම්!

සුදත් සමරවික්‍රම මහතාණ​නි, ඔබට ස්තුතියි.

රාහුල විද්‍යාලයීය 17 වන විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාණනි, රාහුල විද්‍යාලය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔබට ස්තුතිය මින් පිරිනමමු. ඔබ​ගේ අනාගතයට සුබ පැතුම් !