රහල් මේලා 2024

රාහුල ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට ආධාර පිණිස සංවිධානය කරන ලද රහල් මේලා 2024 – අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය, ජනවාරි 31 හා පෙබරවාරි 1,2,3,4 යන දිනයන්හි මාතර වෙරළ තීරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. 

සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලිය 2023

සමස්ත ලංකා චෙස් තරගාවලිය – සමස්ත ශූරතාවය රාහුල විද්‍යාලයටඅවු 9න් පහළ – 2වන අනුශූරතාවයඅවු 11න් පහළ – ශූරතාවයඅවු 15න් පහළ – පළමු අනුශූරතාවයඅවු 17න් පහළ – පළමු අනුශූරතාවය

SLIIT Codefest තරගාවලිය 2023

SLIIT Codefest තරගාවලියෙන් දෙවන අනුශූරතාව දිනාගත් රාහුල විද්‍යාලයේ ඒ.ජේ.වී.ටී ඩිල්ෂාන්, එච්. අසේන්ද නේතාද් හා එම්,බී,එන් දුල්කිත් හට අපගේ උණුසුම් සුභ පැතුම්!

ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල 2023

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල, “රහල් කැකුළු අභිෂේක 2023” පසුගියදා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විනි. උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අමිල රුබසිංහ මහතා…

විමංසා 2.0 – වාර්ෂික විද්‍යා දිනය

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් සංවිධානය කළ විමංසා 2.0 වාර්ෂික විද්‍යා දිනයෙන් සමස්ත ශූරතාව ලැබූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගෙ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන එම්. ඩබ්. කේ. නිම්සර මංජි ලියනාරච්චි සහන් දීඝායු දසුන් නයනප්‍රිය ප්‍රමෝද්‍ය අබේවික්‍රම

Pulz’ 23 – කොළඹ ආනන්ද විද්‍යාලයේ වාර්ෂික තොරතුරු තාක්ෂණ දිනය

කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Pulz’ 23 වාර්ෂික තොරතුරු තාක්ෂණ දිනයේදී Post Design අංශයෙන් 2වන ස්ථානය දිනාගත් ජනිරු ඔෂාන්ටත්, Logo Design අංශයෙන් 3වන ස්ථානය දිනාගත් චලන නෙත්සරටත් අපගේ උණුසුම් සුභ පැතුම්!

සමස්ත ලංකා ගණිත දැනුම තරගාවලිය 2023

අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ගණිත දැනුම තරගාවලියෙන් 3වන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයේ සේමිත සත්සිඳු, සසන් ලක්දුල් හා තිසඟ රන්කිඳු ට අපගේ උණුසුම් සුභ පැතුම්!