ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 | තොරතුරු ලබානැනීම.

2025 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් මාතර රාහුල විද්‍යාලය මගින් විභාගයට පෙනී සිටි සිසුන් වෙත කෙරෙන දැනුම්දීමයි.ඔබගේ තොරතුරු පහත google form වෙත පිවිස නිවැරදිව ඇතුළත් කරන්න. https://forms.gle/VBZoppt9TSqjndZr9 අදාළ සියලුම සිසුන් තම තොරතුරු ලබාදීමට කඩිනමින් කටයුතු කරන්න. ⭕අවසන් දිනය – 2026.11.16 #RahulaCollege#RahulaCollegeLK

රාහුල විද්‍යාලය: 2027 පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ගේ තාවකාලික නාම ලේඛනය

රාහුල විද්‍යාලයේ 2027 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කර ගැනීමට තෝරාගත් සිසුන්ගේ තාවකාලික නාම ලේඛනය පහත QR කේතය ඔස්සේ හෝ පහත ඇති සබැඳියෙන් පරිශීලනය කළ හැකිය. Link –https://rahulacollege.lk/grade-1-admissions-2027/ #rahulacollege#RahulaCollegeLK

රහල් රංග මංජරී 2026

අපගේ නාට්‍ය උළෙල නරඹන්න පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි. නැවතත් මෙවැනිම අමතක නොවන නාට්‍යමය අත්දැකීමකින් හමුවෙමු! #RahalRangaManjari#RahulaCollege#RahulaCollegeLK

Battle of the Ends | 2026

මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය වෙනුවෙන් මාතර අභිමානය වන රාහුල විද්‍යාලය සහ යාපනයේ හාට්ලි විද්‍යාලය මෙවරත් කරට කර සටනකට සැරසෙයි. උතුරේත් දකුණේත් සහෝදරත්වය සහ ක්‍රීඩාශීලීත්වය විදහා දක්වන මෙම මහා ක්‍රිකට් සංග්‍රාමය, අභිමානයේ සහ සම්ප්‍රදායේ මහා හමුවීමකි.