2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය

රාහුල විද්‍යාලයේ 2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා

රහල් ප්‍රතිභා ශිෂ්‍යත්ව ප්‍රණාම 2023

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අභිමානවත් රහල් පුතුන් ඇගයීමේ උළෙල රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය හෘද රිද්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුසිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පැවැති මෙහෙදී 2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ රහල් පුතන් 118 ක් ඇගයීමට ලක් කෙරිණ. ඡායාරූප අනුග්‍රහය…

රහල් පෝතක අබිසෙස් 2023

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂ පදක්කම් පැළඳවීමේ උළෙල පසුගියදා රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහ​ය – අමිල කන්ද උඩ ආරච්​චි මහ​තා