වසරකට පෙර අ.පො.ස උසස් පෙළ කඩඉම ජයගත් පුන්සි​සි

වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0

Conzovensia 2022 – ලියාපදිංචි වන්​න

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබ​න අභ්‍යන්තර පාසල් ඒකල තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්ම​ක තරඟය සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ලියපදිංචි වී​ම සඳහා : https://conzovensia.web.app/ නීති සහ රෙගලාසි : https://conzovensia.web.app/#rules

2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පරිත්‍යාග කරන ලද නව පරිගණක විද්‍යාගාර​ය

https://youtu.be/CSJCPbybygU රාහුල ව්ද්‍යාලයීය 2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් මිලියන 6.5 ක පමණ පිරිවැයක් දරමින් නිමකළ wifi තාක්ෂණය මගින් ජාලගත කරන ලද පරිගණක යන්ත්‍ර 60කින් යුත් පරිගණක විද්‍යාගාර 2ක් පසුගිය දින රාහුල විද්‍යාලයීය සිසුන් උදෙසා විද්‍යාලයීය සියවසට සමගාමීව පරිත්‍යාග කරන ලදි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහ​තා

රාහුල විද්‍යාලයීය 99 වන සංවත්සරය

රාහුල විද්‍යලයීය 99 වන සංවත්සර සැමරුම් නිර්මාණය මගින් රාහුල විද්‍යාලය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා අත්‍යවශ්‍යව තිබූ භූමි භාගය ස්වකීය පාරම්පරික උරුමය වශයෙන් මිලදීගත් සරම් සිරිවර්ධන වලව්ව හා තදාසන්න ප්‍රදේශය පරිත්‍යාග කරමින්, රුහුණු ප්‍රදේශයට සිදුකල සේවය වෙනුවෙන් සී.ඒ. ඕදිරිස් ද සිල්වා මහතා හට උපහාර පුදන්නෙමු. රාහුල මෑණියන්ට සුබ උපන්දිනයක් වේවා !!!

​පළ​මු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය

රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල විද්‍යලයීය ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

“රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට…

මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.

ILLUMINATE –

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “තාරකා භෞතික විද්‍යා​ව” පිළිබඳ සම්මන්ත්‍රන​ය කොළ​ඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශි​ෂ්‍ය සුබෝධ රංග​න මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 මාර්​තු මස 02 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

ILLUMINATE – දුරේක්ෂ පරිණාමය

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “දුරේක්ෂ වල පරිණාමය” පිළිබඳ සම්මන්ත්‍රන​ය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය සුපුල් එදිරිසිංහ මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 පෙබරවාරි මස 16 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.