ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ රන් පදක්කම දිනා ගනී

2022 දෙසැම්බර් 24 වන දින මාතර රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවති 2022 ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ,14න් පහළ කණ්ඩායම් කාතා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රාහුල විද්‍යාලය සමත් විය. ක්‍රීඩකයන් වූ සසෙන් රූබසිංහ, පහන් මනහර, විතුල දෙව්සිතු සහ පුහුණුකරු එස්.රූබසිංහ මහතා ඇතුළු කණ්ඩායමට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

පාගමන සඳහා සහභා​ගී වූ රාහුල බාලදක්ෂයි​න්

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩා උපකර​ණ

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ තවත් අදියරක් වශයෙ​න් විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳ​හා සඳහා අවශ්‍ය රුපියල් 626000/- පමණ වටිනා ක්‍රීඩා උපකර​ණ විද්‍යාලය වෙත ලබාදෙනු ලැබීය.

ගුවන් පියාසර සංගමයට උණුසුම සුබ පැතුම් !

කොළඹ රාජකීය විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද, සමස්ත ලංකා ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය​ට විද්‍යාලයී​ය උණුසුම් සු​බ පැතුම්!

සමස්​ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2022

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2022 රාහුල විද්‍යාලය 20න් පහළ බාලක ශූරතාව හා සමස්ත බාලක අනුශුරතාවය දිනාගන්නා ලදී. ඒ සඳහා කැප වූ ගුරු මහත්ම මහත්මීන්ට, පුහුණුකරුවන්ට සහ රාහුල පුතුන් හට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !!! 20න් පහළ බාලක තරුශ්ක භාශිත – මීටර් 100 : රන් පදක්කම | මීටර් 200 : රිදී පදක්කම උවිදු සුදාරක –…

චෙස් කණ්ඩායමට සුබ පැතුම් !

ශ්‍රී ලංකාවෙ පැවැත්වෙන 2022 ආසියානු පාසල් චෙස් ශූරතාවලියට සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම් !