වසරකට පෙර අ.පො.ස උසස් පෙළ කඩඉම ජයගත් පුන්සි​සි

වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0

ඩයලොග් පාසල් රග්බි ලීග් තරඟාවලිය 2022 – රාහුල විද්‍යාලය සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර තරඟය

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ රාහුල විද්‍යාලය හා මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තරගයෙන් ගෝල 64-3 ක් වශයෙන් විශිෂ්​​ට ජයක් වාර්තා කිරීමට රාහුල විද්‍යාල කණ්ඩායම සමත් විය. ජයග්‍රාහී කණඩායමට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් ! ඡායාරූප අනුග්‍රහය – The Papare

උණු​සුම් සුබ පැතුම් හසාල් !

රාහුල විද්‍යලයීය 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හසාල් දිනදිත් පෙරේරා, ජපානයේ BIIKKU BUNNKA KYONKAI චිත්‍ර කලා අධ්‍යාපන පදනම ජපානයේ පෙන්ටන් සමාගම එක්ව සංවිධානය කරන ලද 52 වන ලෝක ළමා චිත්‍ර තරඟයේදී රටවල් 35ක දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් අතරින් රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

Conzovensia 2022 – ලියාපදිංචි වන්​න

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබ​න අභ්‍යන්තර පාසල් ඒකල තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්ම​ක තරඟය සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ලියපදිංචි වී​ම සඳහා : https://conzovensia.web.app/ නීති සහ රෙගලාසි : https://conzovensia.web.app/#rules

2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පරිත්‍යාග කරන ලද නව පරිගණක විද්‍යාගාර​ය

https://youtu.be/CSJCPbybygU රාහුල ව්ද්‍යාලයීය 2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් මිලියන 6.5 ක පමණ පිරිවැයක් දරමින් නිමකළ wifi තාක්ෂණය මගින් ජාලගත කරන ලද පරිගණක යන්ත්‍ර 60කින් යුත් පරිගණක විද්‍යාගාර 2ක් පසුගිය දින රාහුල විද්‍යාලයීය සිසුන් උදෙසා විද්‍යාලයීය සියවසට සමගාමීව පරිත්‍යාග කරන ලදි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහ​තා

පාපන්දු මාතර දිස්ත්‍රික් අවුරුදු 18න් පහ​ළ ප්‍රථම ස්ථාන​ය

මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහ​ළ පාපන්දු ප්‍රථම ස්ථාන​ය රාහුල විද්‍යාලය විසින් දිනාගන්​නා ලදී.

බැඩ්මින්ටන් සමස්ථ ලංකා 15 පහළ කණ්ඩායම් ශූරතාව​ය

රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සමස්ථ ලංකා කණ්ඩායම් ශූරතාවය දිනාගන්නා ලදී. ඔවුන්ට උණුසුම් සුබ පැතුම්.