සියවස් ප්‍රතාප බටහිර තූර්ය වාදක සන්දර්ශන​ය

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් උසස් බාලි​කා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර ජනාධිපති විද්‍යාලය හා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් සිදුකර​න ල​ද තූර්ය වාදක සන්දර්ශනය රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.