ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල 2023

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල, “රහල් කැකුළු අභිෂේක 2023” පසුගියදා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විනි. උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අමිල රුබසිංහ මහතා…

Book Cafe විවෘත කිරී​ම

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරිමේ අරමුණින් ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ සංකල්පයකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ඉංජිනේරු ජනක ගමාච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද Book Cafe ( Food for mind )එළිමහන්  පුස්තකාලය රාහුල විද්‍යාලයීය විදුහල්පතනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආදී ශිෂ්‍ය ජනක ගමාච්ච් මහතාගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දිනයට…

නව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් නදීජගෙ​න්

ශිෂ්‍ය පාර්ලිමේන්තුව – 2023 රාහුල විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා, සිසුන් තොරාගැනීමට මනාප ලබාදීමේ ක්‍රියාන්විතය අද විද්‍යාලියය භූමියේදි සිදුවිය. විද්‍යාලයීය උසස් පෙළ සිසුවකු සහ පාසල් වෙබ් කණ්ඩායමේ සාමාජිකයෙකු වන නදීජ කල්හර සිසුවා එක්​ව පාසල් නිල වෙබ් කණ්ඩායම විසින් මනාප කටයුතු සඳහා අවශ්‍ය මෘදුකාංග හා QR කේත ක්‍රමයන් සැදීම මෙහි විශේෂත්වයකි. වාර්ථාව 2023.09.22 දිනමිණ පුවතපත.

සිඟිති බාලදක්​ෂ සෞඛ්‍ය වැඩමුළුව 2023

රාහුල විද්‍යාලයීය “සිඟිති” බාලදක්ෂ භට පිරිස් විසින් සංවිධානය කරන ලද “සෞඛ්‍ය වැඩමුළුව 2023” රාහුල විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සහ 3 ශ්‍රේණියේ බාලදක්ෂයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 21 වැනි සිකුරාදා දින මාතර වෙලේගොඩ සුදසුන් වෙහෙරේදී පැවැත්විණි. මේ සඳහා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මිය, ප්‍රාථමික අංශ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මිය, විද්‍යාලයීය බාලදක්ෂ ආචර්ය වරුන්, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය…

Best Web LK විශේෂ ඇගයීම් සම්මාන​ය

රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.

අටවිසි බුද්ධ පූජාව සහ දන්ස​ල

පොසොන් පොහොය නිමිත්තෙන් රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද අටවිසි බුද්ධ පූජාව සහ කුරක්කන් කැඳ දන්සල පසුගියදා විද්‍යාල්‍යීය ප්‍රාථමික පරිශ්‍රයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගම​ය

සියවස් ප්‍රතාප බටහිර තූර්ය වාදක සන්දර්ශන​ය

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් උසස් බාලි​කා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර ජනාධිපති විද්‍යාලය හා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් සිදුකර​න ල​ද තූර්ය වාදක සන්දර්ශනය රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.

සියවස් සමරු මුද්දරය නිකුත් කිරී​ම

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් සියවස් විශේෂ සමරු මුද්දරය සහ කවරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 25 වන දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, තැපැල්පති ජෙනරාල්  රුවන් සත්කුමාර මහතා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රජිත කේ. රනසිංහ මහතා, නියෝජ්‍ය තැපැල්පති…

සියවස් සැමරුම් උළෙල විවෘත කිරී​ම

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන සියවස් සැමරුම් උළෙල, විද්‍යාභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීම සහ රාහුල විද්‍යාලයීය සියවස් සමරු මුද්දරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 23 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි​ණි. වීඩියෝ අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා https://youtu.be/L9smNL-2Yic