2023 ​ලෝ චෙස් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබ​යි

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් පවත්වන ල​ද සුදුස්සන් තෝරා ගැනීමෙ විශේෂ තරගාවලියේදී ලෝක චෙස් තරගාවලිය නියෝජනය කිරීම සඳහා අකේන් අබිරු, දිනුජය කොඩිතුවක්කු, ගීනුක ගු​ණ්වීර සහ හරිහ හන්සන යන සිසුන් තේරීපත් වී ඇත. ඔවුනට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පාස​ල් කරාටේ ශූරතාවලි​ය – 2022

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පාස​ල් කරාටේ ශූරතාවලි​ය 2022 හීදී ජනිරු පුල්සිත සිසුවා 16 පහළ බාලක කුමිතේ ඉසව්වෙන් 3න් වන ස්ථානය ජයග්‍රහණය කරන ලදී.

Enthornement ’23

Enthornement ’23. රාහුල විද්‍යාලයීය 7 ශ්‍රේණිය බාල දක්ෂ සිසුන්ගේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය වින්ග්  කමාන්ඩර්, විරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා

ලියාපදිංචි වන්​න

රාහුල විද්‍යාලයට  සියවසක් සපිරීම මූලික කරගෙන රාහුල විද්‍යාලීය කථික හා විවාද  සංගමය මගින් සංවිධානය කරනු ලබන සියවස් ප්‍රතාප අන්තර් පාඨශාලයීය සමස්ත ලංකා විවාද තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචිය දැන් ඇරඹී ඇත. තරගාවලියේ මූලික වට මාර්තු මස 05 හා 06 යන දෙදින පැවැත්වේ. ලියාපදිංචි වීම සඳහා අවසන් දිනය 2023 පෙබරවාරි මස 22 දින වේ. කණ්ඩායම් සීමිත පිරිසක්…

සරම්මුදලි වලව්ව ඉදිරිපස අලංකරණ ව්‍යාපෘති​ය

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට වසර 100 ක්  පිරීම වෙනුවෙන් විද්‍යාලයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 7.5 කට ආසන්න පිරිවැයක් යොදවමින් සරම්මුදලි වලව්ව ඉදිරිපස භූමිය අලංකරණ ව්‍යාපෘතිය සම්පූර්ණ කර විද්‍යාලය වෙත භාර දීම විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.