සියවස් චෛත්‍යය සඳහා මුල් ගල තැබීම

සියවස් චෛත්‍යය සඳහා මුල් ගල තැබීම 2023 ජනවාරි මස 19 වන දින උදෑසන විද්‍යාලයීය විහාර පරිශ්‍රයේදී සිදුකෙරේ. සත්කාරක දායකත්වය ජනාධිපති නීතිඥ කපිල මනම්පේරි මහතා.

රහල් ඡත්‍රාභිෂේක 2023

රාහුල විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 39 දෙනෙකුගේ හිස වෙස් පැළඳවීමේ උළෙල 2023 ජනවාරි මස 18 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදුකෙරේ. https://youtu.be/wysZafpOl0g

ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙ​ල

රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල පසුගිය දින රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය චින්තක ද සිල්වා මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනි ගනේවත්තම් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

Day of Dirigeants – ශිෂ්‍ය නායක දිනය 2023

Day of Dirigeants , සමස්ත ලංකා ශිෂ්‍ය නායක දින​ය 2023 ජනවාරි මස 15 දින රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

2012 ආදි ශිෂ්‍ය කණ්ඩායමෙන් පරිත්‍යාගය​ක්

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් පැවත්වෙන වෙස් මංගල්‍යයට අවශ්‍ය රුපියල් මිලියන 1.2 පමණ වටිනා වෙස් කට්ටල  විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකරණයෙන් 2012 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් විද්‍යාලයීය නර්තන අංශය වෙත පරිත්‍යාග කිරීම පසුගිය දින සිදුකරන ලදී.

5 ශ්‍රේණියේ දරුවන්ගේ ශීල සමාදාන වැඩ සටහන

දුරුතු පෝය වෙනුවෙන් ප්‍රාථමික අ​ංශයේ 5 ශ්‍රේණියේ දරුවන්ගේ ශීල සමාදාන වැඩ සටහන.

වෙස් මංගල්‍යයේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ විය

රාහුල විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තන අංශයෙහි සිසුන් 38 දෙනෙකු හිස වෙස් පැළඳවීමේ උත්සවයේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ විය.