රහල් සියවස් ප්‍රදර්ශනය 2023

රහල් සියවස් ප්‍රතාප විද්‍යාභිමානී ප්‍රදර්ශනය 2023 අප්‍රේල් මස 25, 26 හා 27 යන දිනයන්හිදී විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

සජීවීව අප හා එක් වන්​න

රහල් සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලිය. 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන් හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම සජීවී විකාශය පහත සබැඳි ඔස්සේ නැරඹිය හැක. rahulacollege.lk/tv youtube.com/rahulacollege

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලි​ය

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් T10 තරගාවලි​ය 2023 අප්‍රේල් මස 22 සහ 23 දිනයන්හීදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

සියවස් ප්‍රතාප සමස්ත ලංකා විවාද තරගාවලි​ය

“රහල් සියවස් ප්‍රතාප” සමස්ත ලං​කා අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය. අවසාන වට​යේ තරග, 2023 අප්‍රේල් මස 19, 20 යන දිනයන් හීදී රාහුල විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පාසල් 62 අතුරින්, පහත පාසල් අවසාන වටය සඳහා සුදුසුකම් ලබා ඇත. කින්ග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළ​ඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළ​ඹ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල මහින්ද…

2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය

රාහුල විද්‍යාලයේ 2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා

රහල් ප්‍රතිභා ශිෂ්‍යත්ව ප්‍රණාම 2023

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අභිමානවත් රහල් පුතුන් ඇගයීමේ උළෙල රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය හෘද රිද්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුසිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පැවැති මෙහෙදී 2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ රහල් පුතන් 118 ක් ඇගයීමට ලක් කෙරිණ. ඡායාරූප අනුග්‍රහය…

රහල් පෝතක අබිසෙස් 2023

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂ පදක්කම් පැළඳවීමේ උළෙල පසුගියදා රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහ​ය – අමිල කන්ද උඩ ආරච්​චි මහ​තා

මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය 2023

රාහුල විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලාන එක්දින සුහද ක්‍රිකට් තරගය යාපනයේදී මෙවර පැවැත්විණ. රාහුල විද්‍යාලය ලකුණු 23 කින් එම තරගය ජයග්‍රහණ කළේය.

AVIATIONZOID ’23 – ​පළමු අදියර

රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය මගි​න් ගුවන් යානා ආකෘ​ති පිළිබඳ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අභ්‍යන්තර පාසල් ප්‍රායෝගික වැඩමුළු මාලාව. අප්‍රේල් මස 11 වන දින ප.ව. 9 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ. ඔබත් පහත සබැඳියෙන් ලියාපදිංචි වන්න. https://forms.gle/Ts9DtYzay5CtLk9F7

Battle of Bounce 2023 ජයග්‍රාහකයින්ට උණුසුම් සුබ පැතුම්

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති වාර්ෂික පැසිපන්දු තරගාවලිය 2023 අප්‍රේල් මස 08 වන දින රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී සාර්ථකව අවසන් විය.