සරම්මුදලි වලව්ව ඉදිරිපස අලංකරණ ව්‍යාපෘති​ය

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට වසර 100 ක්  පිරීම වෙනුවෙන් විද්‍යාලයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 7.5 කට ආසන්න පිරිවැයක් යොදවමින් සරම්මුදලි වලව්ව ඉදිරිපස භූමිය අලංකරණ ව්‍යාපෘතිය සම්පූර්ණ කර විද්‍යාලය වෙත භාර දීම විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.