ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල 2023

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල, “රහල් කැකුළු අභිෂේක 2023” පසුගියදා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විනි. උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අමිල රුබසිංහ මහතා…