ගණිතාගාරය ප්‍රතිසංස්කරණය කෙ​රේ

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් විද්‍යාලයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1.5 කට ආසන්න පිරිවැයක් යොදවමින් නවීකරණය කරන ලද ගණිතාගාරය සිසු අයිතියට පත් කිරීම විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.

අන්තර් පන්ති පාපන්දු තරඟාවලිය 2023

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 6 සහ 7 ශ්‍රේණි අන්තර් පංති පාපන්දු තරඟාවලිය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය මේජර් චතුර කිතුලගොඩ මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.