2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය

රාහුල විද්‍යාලයේ 2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡායාරූප අනුග්‍රහය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා

රහල් ප්‍රතිභා ශිෂ්‍යත්ව ප්‍රණාම 2023

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අභිමානවත් රහල් පුතුන් ඇගයීමේ උළෙල රාහුල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය හෘද රිද්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුසිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පැවැති මෙහෙදී 2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ රහල් පුතන් 118 ක් ඇගයීමට ලක් කෙරිණ. ඡායාරූප අනුග්‍රහය…

රහල් පෝතක අබිසෙස් 2023

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂ පදක්කම් පැළඳවීමේ උළෙල පසුගියදා රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහ​ය – අමිල කන්ද උඩ ආරච්​චි මහ​තා

මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලානය 2023

රාහුල විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මනිමාරන් – විජේසිරිවර්ධන අභියෝගතා කුසලාන එක්දින සුහද ක්‍රිකට් තරගය යාපනයේදී මෙවර පැවැත්විණ. රාහුල විද්‍යාලය ලකුණු 23 කින් එම තරගය ජයග්‍රහණ කළේය.

Battle of Bounce 2023 ජයග්‍රාහකයින්ට උණුසුම් සුබ පැතුම්

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති වාර්ෂික පැසිපන්දු තරගාවලිය 2023 අප්‍රේල් මස 08 වන දින රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී සාර්ථකව අවසන් විය.

“Battle of Bounce” වාර්ෂික පැසිපන්දු තරගාවලිය

රාහුල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂික පැසිපන්දු තරගාවලිය අප්‍රේල් මස 08 වන දින ප.ව 3.00 සිට රාහුල විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පැවැත්වේ.

12 වන රන් සිහ සංග්‍රාම​ය ඡායාරූප එකතු​ව

රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර රන් සිහ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පසු ගිය මාර්තු 31 සහ අප්‍රේල් 01 දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින.  තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය රාහුල විද්‍යාලයට හිමි විය. නිල ඡායාරූප සහක​රු : Team L/S/G

රන් සිහ සංග්‍රාමය එ​ක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහුල විද්‍යාලය ලකුණු 30 කින් ජයග්‍රහණය කරන ලදී. https://youtu.be/EUqzYF8Yl6A

රන් සිහ සංග්‍රාමය එක් දින තරගය 2023

2023 රන් සිහ සංග්‍රාමය එක් දින තරගය රාහු​ල විද්‍යාලය ලකුණු 30කින් ජයග්‍රහණය කරන ලදී.