කේමිත රන්දෙව් කුසලතා සම්මානයක් ජයග්‍රහණය කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද 2022, 14 වන ජාතික තොරතුරු හා සන්නිවේද​න ශූරතාවලියේ​දී කේමිත රන්දෙව් ඔහුගේ නව වෙබ් අඩවිය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනා ගත්තේය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!

2022 පාසල් මලල ක්‍රීඩා හීදී නව තරඟ වාර්තාව​ක්

උවිඳු සුධාරක 2022 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී යගුලිය දැමී​මේ ඉසව්වෙන් මීටර් 15.43ක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීය.

2022 ප්‍රථම ජාතික බාලදක්​ෂ කිඩෝරි​ය

2022 නොවැම්බර් මස 26 වැනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා මාතර දිස්ත්‍රික්කය නොයෝජනය කරමි​න් රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයින් 74 දෙනෙ​කු සහභායී විය. ඡායාරූප අනුග්‍රහ – අමිල කන්ද උඩ ආරච්චිගේ මහතා

2022 ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟ සඳහා පිටත්ව ය​යි

තායිලන්තයේ පැවැත්වෙන කනිෂ්ඨ ආසියනු බැඩ්මින්ටන් තරගාවලියට සහභගී වන චාමික බ්‍රභාශ් සහ සසෙන් මෙන්ඩිස් හට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබපැතුම් !

පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය 2022

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශුරතාවලියේදී පමොක් මෙත්නිදු විසින් වය​ස අවුරුදු 12න් පහළ ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.

චෙස් කණ්ඩායමට සුබ පැතුම් !

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවය සඳහා සහභාගීවන රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායමට සුබ පැතුම්.

වසර කණ්ඩායම් ඇගයී​ම

රාහුල විද්‍යාලයීය 2020 දැක්ම යටතේ විද්‍යාලය නවීකරණ ව්‍යපෘති සඳහා සිය ධනය සහ කාලය කැප කරමින් එම ව්‍යාපෘති සම්පූර්ණ කළ සියලුම වසර කණ්ඩායම් අගය කර සිටිමු. https://youtu.be/GEA5unaXolI