ILLUMINATE – විශ්වයේ ආරම්භ​ය

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “විශ්වයේ ආරම්භ​ය” පිළිබඳ සම්මන්ත්‍රන​ය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය තුශාන් ශාමික මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 ජනවාරි මස 31 වන සදු​දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

රාහුලය 2021

රාහුල විද්‍යාලයේ වාර්ෂික සඟරාව “රාහුලය 2021” සඟරාවේ දෙවන කලාපය දැන් ලබා ගත හැක… මෙය රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සඟරාව කියවන්න

ILLUMINATE – රොබෝ තාක්ෂනය සහ රෝවර් නිර්මාණ කරණ​ය

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “රොබෝ තාක්ෂනය සහ රෝවර් නිර්මාණ කරණ​ය” පිළිබඳ ප්‍රථම සම්මන්ත්‍රණය යාන්ත්‍රික ඉන්ජිනේරු කසුන්ත මදුමාල් මහතාගේ මෙහෙයවීමෙන් 2022 ජනවාරි මස 26 වන බදාදා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

අභිසෙස් 2021

රාහුල විද්‍යාලයීය සිඟිති බාලදක්ශ 3 වන කණ්ඩායමේ සාමාජික පදක්කම් පැළඳවීමේ උළෙල “අභිසෙස් 2021” විද්‍යාල්‍යිය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ හා දිස්ත්‍රික් බාලදක්ශ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික විද්‍යාලයීය සිඟිති බාලදක්ශ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි හා චන්දිමා තිලකරත්න මහත්මීන්ගේ මෙහෙයවීමෙ​න් පැවැත්විනි.

රහල් කැකුළු අභිශේක 2021

රාහුල විද්‍යාලයීය ප්‍රාථමි​ක අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල “රහල් කැකුළු අභිශේක 2021” විද්‍යාලයී​ය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේ​දී පසුගියදා ​පැවැත්විනි.