අවුරුදු 16න් පහළ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා

2023 ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ අවුරුදු 16න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩිකයා වූ බිනුද බෝජිතට අපගේ උණුසුම් සුබ පැතුම්!

පිරිමි මීටර් 1000 දිවීමේ ඉසව්වේ 3වන ස්ථානය

2023 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 1000 දිවීමේ ඉසව්වේ තෙවන ස්ථානය දිනාගත් තරිඳු ලක්ෂාන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය

2023 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ අවුරුදු 16න් පහළ බාලක (1KG) කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් බිනුද බෝජිතට අපගේ උණුසුම් සුභ පැතුම්!

සුදත් සමරවික්‍රම මහතාණ​නි, ඔබට ස්තුතියි.

රාහුල විද්‍යාලයීය 17 වන විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාණනි, රාහුල විද්‍යාලය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔබට ස්තුතිය මින් පිරිනමමු. ඔබ​ගේ අනාගතයට සුබ පැතුම් !

වාර්ෂික පිරිත් පිංකම සහ දානමය පිංක​ම

රාහුල විද්‍යාලයීය වාර්ෂිකව පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව සහ දානමය පිංකම විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් ස්වාමීන් වහන්සේ සියක් නමක් උදෙසා උත්කර්ෂවත් අන්දමෙන් අප්‍රේල් මස 30 වන දින රාත්‍රියේ සහ මැයි මස 01 වන දින දහවල් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය :  රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගම​ය

රාහුල විද්‍යාලයීය නව විදුහල්පතිනි​ය

රාහුල විද්‍යාලයීය 18 වන විදුහල්පතිනිය වශයෙන් සමිතා කුරුකුලසූරිය මහත්මි​ය අද උදෑසන පාසල් කාර්යාලයේදී සිය වැඩ ආරම්භ කළාය.

සියවස් ප්‍රතාප සමස්ත ලංකා විවාද තරගාවලි​ය වසන් තරග​ය

රාහුල විද්‍යාලයීය සියවස් ප්‍රතාප සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් තරගය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී පාසල් 62 අතුරින් ශූරතාවය දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්වූ අතර අනුශූරතාවය කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් දිනාගන්න ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ජ්‍යේෂ්ඨ නීතිඥ චන්දිම මුතුකුමාරණ මහතා සහභාගී විය. ඡායාරූප අනුග්‍රහය : LSG Photography

සියවස් ප්‍රතාප සමාරම්භක උළෙ​ල

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන සියවස් සැමරුම් උළෙල, විද්‍යාභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීම සහ රාහුල විද්‍යාලයීය සියවස් සමරු මුද්දරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 23 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡායාරූප අනුග්‍රහ​ය : ජනාධිපති මාධ්‍ය අංශ​ය සහ LSG Photography

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් නෙට්බෝල් තරගාවලි​ය

සියවස් සැමරුම් ආරාධිත පාසල් නෙට්බෝල් තරගාවලිය පාසල් 10 අතර පැවැත්වින. ඉන් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය පරදවා මාතර සුජාතා බාලික විද්‍යාලය ශූරයින් බවට පත්විය. තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව : අමාශා විජේතිලක සහ හොඳම පන්දු විදින්නිය : රෙහානි විජේසිං​හ මාතර සුජාතා බාලික විද්‍යාලය | ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය | ගාල්ල සංගමිත්ත බාලිකා විද්‍යාලය | මාතර ශාන්ත තෝමස් උසස්…