නව සාමාජිකයින් බඳවා ගැනීම. දැන්ම අයදුම් කරන්න!

උද්වේගකර ගමනක් ආරම්භ කරමින් රාහුල විද්‍යාලයේ වෙබ් කණ්ඩායමේ සාඩම්බර සාමාජිකයෙකු වීමට ඔබ සූදානම්ද? අපි මෙතැන් සිට සියලු ඩිජිටල් අවකාශයන් සඳහා ආශාවක් ඇති නව ශිෂ්‍යයන් පිළිගන්නා බව සතුටින් නිවේදනය කරන්නෙමු. මෙම අනගි අවස්ථාව සාමාන්‍ය පෙළ (2022) සම්පූර්ණ කර ඇති සිසුන් ඇතුළු 9 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන් සඳහා විවෘතයි. රාහුල විද්‍යාලයේ පැවැත්ම හැඩගැස්වීම සඳහා අපගේ කණ්ඩායමට ලියාපදිංචි…

SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන SEGNO Adventure Challenge Competition – 2023 හි හොඳම ගවේෂකයා බවට තේරී පත් වූ ජේ.ආර්.ඒ නිදුල සත්සරට අපගේ උණුසුම් සුභ පැතුම්.!

2023 දකුණු පළාත් කනිෂ්ඨ කරාතේ ශූරතාවලියේ ජයග්‍රාහකයින්

කාතා කණ්ඩායම තුනවන ස්ථානය – ක්‍රිෂෙල් ස්ටීව්, රෙසඳු දෙව්මිත, එනුක් අත්සර 11න් පහළ කාතා ප්‍රථම ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙතික සිත්නල් 13න් පහළ කාතා තුන්වන ස්ථානය – රෙසඳු දෙව්මිත 11න් පහළ (-35KG) කුමිතේ තුන්වන ස්ථානය – ගෙසඳු නෙත්මිර 12න් පහළ (-38KG) දෙවන ස්ථානය – නෙතූෂ සත්සර 12න් පහළ (+38KG)…

අටවිසි බුද්ධ පූජාව සහ දන්ස​ල

පොසොන් පොහොය නිමිත්තෙන් රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද අටවිසි බුද්ධ පූජාව සහ කුරක්කන් කැඳ දන්සල පසුගියදා විද්‍යාල්‍යීය ප්‍රාථමික පරිශ්‍රයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය : රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගම​ය

රාහුල බාලදක්ෂ සමූහයේ 2023/24 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ සමූහ කවුන්සිලය

නායක : තේජාන් තීක්ෂණ මාතරගේ උප නායක : ධරණ චමල්ප වල්පොළ ලේකම් : යොමාල් බිම්සර වික්‍රමසිංහ ප්‍රධාන සංවිධායක : නිදුල සත්සර භාණ්ඩාගාරික : රනුල් ජනාදිත් වික්‍රමසිංහ ගබඩා පාලක : ශෂික සඳරුවන් පදක්කම් ලේකම් : සහිරු නිමන්දිත් කරුණාරත්න ප්‍රථමාධාර ලේකම් : අදිත පංකජ දික්කුඹුර කමිටු සාමාජිකයින් : කුෂාන් අචින්ත යාපාසුහර සුජයනඔෂාන් නයනාත් වර්ණසූරියඔමිත වෙත්නුල ද සිල්වාරන්දික…

සියවස් ප්‍රතාප බටහිර තූර්ය වාදක සන්දර්ශන​ය

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත තෝමස් උසස් බාලි​කා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර ජනාධිපති විද්‍යාලය හා මාතර මධ්‍ය මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් සිදුකර​න ල​ද තූර්ය වාදක සන්දර්ශනය රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.

සියවස් සමරු මුද්දරය නිකුත් කිරී​ම

රාහුල විද්‍යාලයට සිය වසක් සපිරීම නිමිත්තෙන් සියවස් විශේෂ සමරු මුද්දරය සහ කවරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 25 වන දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, තැපැල්පති ජෙනරාල්  රුවන් සත්කුමාර මහතා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රජිත කේ. රනසිංහ මහතා, නියෝජ්‍ය තැපැල්පති…

සියවස් සැමරුම් උළෙල විවෘත කිරී​ම

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන සියවස් සැමරුම් උළෙල, විද්‍යාභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීම සහ රාහුල විද්‍යාලයීය සියවස් සමරු මුද්දරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 23 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි​ණි. වීඩියෝ අනුග්‍රහ​ය : අමිල කන්ද උඩ ආරච්චිගේ මහ​තා https://youtu.be/L9smNL-2Yic

ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වූ හංස මානෙත්

වයස අවුරුදු 15න් පහළ summer season all island badminton championship 2023 සහ, southern open premasiri halabage memorial all island badminton championship 2023 ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතයට තේරී පත් වූ හංස මානෙත්ට අපගේ උණුසුම් සුභ පැතුම්!