2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පරිත්‍යාග කරන ලද නව පරිගණක විද්‍යාගාර​ය

https://youtu.be/CSJCPbybygU රාහුල ව්ද්‍යාලයීය 2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් රුපියල් මිලියන 6.5 ක පමණ පිරිවැයක් දරමින් නිමකළ wifi තාක්ෂණය මගින් ජාලගත කරන ලද පරිගණක යන්ත්‍ර 60කින් යුත් පරිගණක විද්‍යාගාර 2ක් පසුගිය දින රාහුල විද්‍යාලයීය සිසුන් උදෙසා විද්‍යාලයීය සියවසට සමගාමීව පරිත්‍යාග කරන ලදි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහ​තා

පාපන්දු මාතර දිස්ත්‍රික් අවුරුදු 18න් පහ​ළ ප්‍රථම ස්ථාන​ය

මාතර දිස්ත්‍රික් වයස අවුරුදු 18න් පහ​ළ පාපන්දු ප්‍රථම ස්ථාන​ය රාහුල විද්‍යාලය විසින් දිනාගන්​නා ලදී.

බැඩ්මින්ටන් සමස්ථ ලංකා 15 පහළ කණ්ඩායම් ශූරතාව​ය

රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සමස්ථ ලංකා කණ්ඩායම් ශූරතාවය දිනාගන්නා ලදී. ඔවුන්ට උණුසුම් සුබ පැතුම්.

Kavinu on The Voice Teens Sri Lanka

රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය කවිනු කිත්සිලු The Voice Teens Sri Lanka ගායන තරඟයේ සජීවී වටයේ ප්‍රථම තරඟට සඳහා 28 වන සෙනසුරාදා රත්‍රී 8.30 සහභාගී වේ. ඔහු ඊලඟ වටයට යැවීම සඳහා ඔබගේ මනාපය අවශ්‍ය වන හෙයින් ඒ සඳහා පහත පරිදි ජංගම දුරකතන හෝ KIKI app එක මගින් ඔබගේ මනාපය ලබා දෙන්න. TVT (space) 5 and SMS it…

The battle of the Golden Lions one day encounters

The battle of the golden lions රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය මැයි මස 9 සහ 10 දෙදින තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

රාහුල විද්‍යාලයීය 99 වන සංවත්සරය

රාහුල විද්‍යලයීය 99 වන සංවත්සර සැමරුම් නිර්මාණය මගින් රාහුල විද්‍යාලය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා අත්‍යවශ්‍යව තිබූ භූමි භාගය ස්වකීය පාරම්පරික උරුමය වශයෙන් මිලදීගත් සරම් සිරිවර්ධන වලව්ව හා තදාසන්න ප්‍රදේශය පරිත්‍යාග කරමින්, රුහුණු ප්‍රදේශයට සිදුකල සේවය වෙනුවෙන් සී.ඒ. ඕදිරිස් ද සිල්වා මහතා හට උපහාර පුදන්නෙමු. රාහුල මෑණියන්ට සුබ උපන්දිනයක් වේවා !!!

StellaNox 2022

StellaNox 2022 රාහුල විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් අභ්‍යන්තර නිරීක්ෂණ සහ තාරකා ඡායාරූප වැඩමුළුව අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

​පළ​මු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය

රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල විද්‍යලයීය ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.