ගුණතිලක අනුස්මරණ ශාලාවේ ඉදිකිරීම් යළි ඇරඹේ

වසර කිහිපයක සිට ඉදිකිරීම් නතර කර තිබූ  ගුණතිලක අනුස්මරණ ශාලාවේ ඉදිකිරීම් කටයුතු වල මීළඟ අදියර පසුගිය බ්‍රහස්පතින්දා(30) 9.12ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කරන ලදී. මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ ගරු විදුහල්පතිතුමිය, ගුණතිලක අනුස්මරණ ශාලා සංවර්ධන භාරය, තාක්ෂණික උපදේශන කටයුතු සිදු කළ ඉංජිනේරුවන් ප්‍රමුඛ තාක්ෂණික නිලධාරීන්, නියෝජ්‍ය / සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාලයීය අනධ්‍යයන…