සුදත් සමරවික්‍රම මහතාණ​නි, ඔබට ස්තුතියි.

රාහුල විද්‍යාලයීය 17 වන විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාණනි, රාහුල විද්‍යාලය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔබට ස්තුතිය මින් පිරිනමමු. ඔබ​ගේ අනාගතයට සුබ පැතුම් !

වාර්ෂික පිරිත් පිංකම සහ දානමය පිංක​ම

රාහුල විද්‍යාලයීය වාර්ෂිකව පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව සහ දානමය පිංකම විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් ස්වාමීන් වහන්සේ සියක් නමක් උදෙසා උත්කර්ෂවත් අන්දමෙන් අප්‍රේල් මස 30 වන දින රාත්‍රියේ සහ මැයි මස 01 වන දින දහවල් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. ඡායාරූප අනුග්‍රහය :  රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගම​ය

රාහුල විද්‍යාලයීය නව විදුහල්පතිනි​ය

රාහුල විද්‍යාලයීය 18 වන විදුහල්පතිනිය වශයෙන් සමිතා කුරුකුලසූරිය මහත්මි​ය අද උදෑසන පාසල් කාර්යාලයේදී සිය වැඩ ආරම්භ කළාය.

සියවස් ප්‍රතාප සමස්ත ලංකා විවාද තරගාවලි​ය වසන් තරග​ය

රාහුල විද්‍යාලයීය සියවස් ප්‍රතාප සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් තරගය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී පාසල් 62 අතුරින් ශූරතාවය දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්වූ අතර අනුශූරතාවය කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් දිනාගන්න ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ජ්‍යේෂ්ඨ නීතිඥ චන්දිම මුතුකුමාරණ මහතා සහභාගී විය. ඡායාරූප අනුග්‍රහය : LSG Photography

සියවස් ප්‍රතාප සමාරම්භක උළෙ​ල

රාහුල විද්‍යාලයට සිය වසක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන සියවස් සැමරුම් උළෙල, විද්‍යාභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීම සහ රාහුල විද්‍යාලයීය සියවස් සමරු මුද්දරය නිකුත් කිරීම 2023 අප්‍රේල් මස 23 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඡායාරූප අනුග්‍රහ​ය : ජනාධිපති මාධ්‍ය අංශ​ය සහ LSG Photography

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් නෙට්බෝල් තරගාවලි​ය

සියවස් සැමරුම් ආරාධිත පාසල් නෙට්බෝල් තරගාවලිය පාසල් 10 අතර පැවැත්වින. ඉන් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය පරදවා මාතර සුජාතා බාලික විද්‍යාලය ශූරයින් බවට පත්විය. තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව : අමාශා විජේතිලක සහ හොඳම පන්දු විදින්නිය : රෙහානි විජේසිං​හ මාතර සුජාතා බාලික විද්‍යාලය | ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය | ගාල්ල සංගමිත්ත බාලිකා විද්‍යාලය | මාතර ශාන්ත තෝමස් උසස්…

සියවස් ප්‍රතාප ආරාධි​ත පාසල් බටහි​ර තූර්ය වාදක සංදර්ශන​ය

සියවස් ප්‍රතාප ආරාධිත පාස​ල් බටහිර තූර්ය වාදක සංදර්ශන​ය 2023 අප්‍රේල් මස 27 වන දින උදෑසන 9.00 සිට රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේ​දී පැවැත්වේ.

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් T10 තරගාවලිය

සියවස් ප්‍රතාප ආරාධිත පාසල් ක්‍රිකට් 10 තරගාවලිය අවසන් මහා තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 75කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය ලබාගැනීමට සමත් විය. අවසන් පූර්ව වටය : ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර | අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්විණ.

විද්‍යාභිමානී ප්‍රදර්ශනය 2023

රහල් සියවස් ප්‍රතාප විද්‍යාභිමානි ප්‍රදර්ශනය 2023 අප්‍රේල් මස 25, 26 සහ 27 යන දිනයන් හීදී විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.