ලෝක ළමා දින සැමරුම් උළෙල 2022 – ප්‍රාථමික අංශ​ය

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී සැප්තැම්බර් 30 වන දින පැවත්විණි. ඡායාරූප අනුග්‍රහය ~ හසිත පෙරේරා මහතා  

13 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරි​ය

13 වන ජාතික කබෝරිය ට සමගාමීව මාතර රාහුල විද්‍යාලයේ පැවති පෝතක බාලදක්ෂ දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ කබෝරිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්වි​ණ. ඡායාරූප අනුග්‍රහය : අමිල නිශාන්ත මහතා සහ හසි​ත පෙරේරා මහ​තා

වසරකට පෙර අ.පො.ස උසස් පෙළ කඩඉම ජයගත් පුන්සි​සි

වසරකට පෙර අ.පො.ස. උසස් පෙළ කඩඉම ජයගත් රාහුල විද්‍යාලයීය ශිෂ්‍ය පුන්සිසි කංචන. ඔබගේ අනාගතය වෙනුවෙන් විද්‍යාලයීය සුබපැතුම් ! දර්ශන අනුග්‍රහය ~ Sirasa TV News First. https://youtu.be/CFkZGFPDnR0

ඩයලොග් පාසල් රග්බි ලීග් තරඟාවලිය 2022 – රාහුල විද්‍යාලය සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර තරඟය

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ රාහුල විද්‍යාලය හා මහරගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තරගයෙන් ගෝල 64-3 ක් වශයෙන් විශිෂ්​​ට ජයක් වාර්තා කිරීමට රාහුල විද්‍යාල කණ්ඩායම සමත් විය. ජයග්‍රාහී කණඩායමට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් ! ඡායාරූප අනුග්‍රහය – The Papare

උණු​සුම් සුබ පැතුම් හසාල් !

රාහුල විද්‍යලයීය 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හසාල් දිනදිත් පෙරේරා, ජපානයේ BIIKKU BUNNKA KYONKAI චිත්‍ර කලා අධ්‍යාපන පදනම ජපානයේ පෙන්ටන් සමාගම එක්ව සංවිධානය කරන ලද 52 වන ලෝක ළමා චිත්‍ර තරඟයේදී රටවල් 35ක දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් අතරින් රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහුට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !

Conzovensia 2022 – ලියාපදිංචි වන්​න

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබ​න අභ්‍යන්තර පාසල් ඒකල තාරකා විද්‍යාත්මක ප්‍රශ්න විචාරාත්ම​ක තරඟය සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ලියපදිංචි වී​ම සඳහා : https://conzovensia.web.app/ නීති සහ රෙගලාසි : https://conzovensia.web.app/#rules