Aviron 2022 ශූරතාව​ය

මහනුවර කින්ග්ස්වුඩ් පාසල් ගුවන් පියාසර සංගමය විසින් සංවිධානය කරන ලද Aviron 2022 ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ශූරතාවය රාහුල විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.

සියවස් චෛත්‍යය සඳහා මුල් ගල තැබී​ම

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ජනාධිපති නීතිඥ කපිල මනම්පේරි මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවන රාහුල විද්‍යාලයීය සියව​ස් චෛත්‍යය සඳහා මුල් ගල තැබීම 2023 ජනවාරි මස 19 වන දින විද්‍යාලයීය විහාර පරිශ්‍රයේදී සුබ මොහොතින් සිදු කෙරිණ. ඡායාරූප අනුග්‍රහය : රාහුල විද්‍යාලයීය ඡායාරූප සංගම​ය

“රහල් ඡත්‍රාභිෂේ​ක 2023”

රාහුල විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 39 දෙනෙකුගේ හිස වෙස් පැළඳවීමේ උළෙල 2023 ජනවාරි මස 18 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් චාරිත්‍රානුකූල​ව පැවත්විනි. ඡායාරූප අනුග්‍රහය – ලහිරු සහන් ගුනසේකර මහතා / රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩාය​ම

සියවස් චෛත්‍යය සඳහා මුල් ගල තැබීම

සියවස් චෛත්‍යය සඳහා මුල් ගල තැබීම 2023 ජනවාරි මස 19 වන දින උදෑසන විද්‍යාලයීය විහාර පරිශ්‍රයේදී සිදුකෙරේ. සත්කාරක දායකත්වය ජනාධිපති නීතිඥ කපිල මනම්පේරි මහතා.

රහල් ඡත්‍රාභිෂේක 2023

රාහුල විද්‍යාලයට වසර 100 පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 39 දෙනෙකුගේ හිස වෙස් පැළඳවීමේ උළෙල 2023 ජනවාරි මස 18 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදුකෙරේ. https://youtu.be/wysZafpOl0g

ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙ​ල

රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උළෙල පසුගිය දින රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය චින්තක ද සිල්වා මහතාගේ සහ විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී පත්මනි ගනේවත්තම් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

Day of Dirigeants – ශිෂ්‍ය නායක දිනය 2023

Day of Dirigeants , සමස්ත ලංකා ශිෂ්‍ය නායක දින​ය 2023 ජනවාරි මස 15 දින රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.