දකුණු පළාත් T10 ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාවය රාහුල කණ්ඩායමට

මෙම වසරේ පැවති දකුණු පළාත් තරඟාවලියේ අනුශූරයන් බවට පත්වූ රාහුල විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්

සමාස්ථ ලංක ගණිත තරඟයේ ප්‍රථම ස්ථානය ලබා ගත් කණ්ඩායමේ රාහුල සිසුවෙක්

2024 සමාස්ථ ලංක ගණිත තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගත් දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කළ සසාන් ලක්දුල සිසුවාට උණුසුම් සුබ පැතුම්!

නේතන් විල්ලද්දරගෙන් මීටර් 800 ඉසව්වෙන් සමස්ත ලංකා නව තරඟ වාර්තාවක්

මෙම වසරේ පැවති සමස්ථ ලංකා ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හා  මිනිත්තු 1:58.39ක නව තරග වාර්තාවක් පිහිටවීමට රාහුල විද්‍යාලීය මලල ක්‍රීඩක නේතන් විල්ලද්දරට හැකිවිය.

ජාතික පාසල් සමස්ත ලංකා පිහිනුම් තරගාවලියේදෙවැනි ස්ථානයක්.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික පාසල් සමස්ත ලංකා පිහිනුම් තරගාවලියේ මීටර් 50 පසුපස ආර ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූ J.A. දනිදු තත්සරට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!

රහුල විද්‍යාලයේ සිසුවෙක් අ.පො.ස සා.පෙළ විභාගයේ සමස්ත ලංකා 7 වැනි ස්ථනයට

2023 (2024) අ.පො.ස සා.පෙළ විභාගයෙන් සමස්ත ලංකා 7 වැනි ස්ථානය ලබා ගැනීම සමත් වූ සකුණ සදීෂන් සමරවික්‍රමට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!

චෙස් ඔලිම්පියාඩ් තරගයකදී දිනුජයගෙන් ජාතික කණ්ඩායමට රන් පදක්කමක්

හංගේරියාවේ පැවැත්වුණු චෙස් ඔලිම්පියාඩ් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට රන් පදක්කමක් ජයග්‍රහණය කළ K.K දිනුජයට රාහුල විද්‍යාලයෙන් උණුසුම් සුබ පැතුම්!

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී විශ්ව තාරුකගෙන් ලෝකඩ පදක්කමක්

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම රාහුල විද්‍යාලයේ හිටපු ක්‍රීඩා නායක E.විශ්ව තාරුක (2023/24) විසින් දිනා ගැනීමට සමත් විය.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාහුලයෙක්

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව සඳහා රාහුල විදුහලේ හිටපු ක්‍රීඩා නායක(23/24) E.විශ්ව තාරුක තේරීපත්ව ඇත.තවද අප පාසලේ ආචාර්ය අමිල හපුගල මහතා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මේ සඳහා සහභාගී වෙයි.

Enrollment ’24 | සිඟිති බාලදක්ෂ පදක්කම් ලැබීමේ උළෙල

රාහුල විද්‍යාලයීය හයවන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 84 දෙනෙක් පදක්කම් ලැබීමේ උළෙල , විද්‍යාලයීය විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්මියගේ  මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ  වෛද්‍ය සඳුන් එස් විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල  මහතා ඇතුළු සම්භාවනීය  අමුත්තන්ගේ  සහභාගීත්වයෙන්, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි හරීන්ද්‍රා මොහොට්ටාල  මහත්මිය, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර ආචාර්ය දේවිකා…