සුබ අලුත් අවුරුද්දක් වේවා! 2025
#RahulaCollege #RahulaCollegeLK
#RahulaCollege #RahulaCollegeLK
මාතර රාහුල විද්‍යාලයීය වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය (Colors Night), දෙසැම්බර් මස 30 වන දින පස්වරු 2.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව පැවැත්වේ.
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (දෙවන දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!
රාහුල විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය (පළමු දිනය) මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දක්ෂතා දැක්වූ අපේම රාහුල පුත්‍රයන් ඇගයීමට ලක්වන මෙම අභිමානවත් අවස්ථාවට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!
පිලිපීනයේදී අභිමානයෙන් පැවැත්වීමට නියමිත 33 වන ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ ජැම්බෝරිය (33rd Asia-Pacific Regional Scout Jamboree) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. ජාත්‍යන්තර තලයේ මෙවැනි ඓතිහාසික අවස්ථාවකට අපේ දූ දරුවන් එක්වීම සමස්ත විද්‍යාලයටම මෙන්ම රටටම මහත් ආඩම්බරයකි. මෙම ජයග්‍රහණය පිටුපස සිටින බාලදක්ෂ නායකතුමා ඇතුළු සමස්ත කණ්ඩායමටම අපගේ උණුසුම් සුබපැතුම්…
කලාපීය මලල ක්‍රීඩා ශූරතාවලියේදී රාහුල විදුහල් ක්‍රීඩා කණ්ඩායම විසින් සිත්ගන්නාසුළු දස්කම් මාලාවක් ඉදිරිපත් කරමින්, ක්‍රීඩා පිටියේ තම ආධිපත්‍යය මොනවට පෙන්වා දුන්නා. ඔවුන්ගේ දක්ෂතාව සහ නොපසුබට උත්සාහය කෙතරම්ද යත්, සමස්ත තරඟ වාර්තා 11ක් බිඳ හෙළීමට ඔවුන්ට හැකි වුණා. මේ අසාමාන්‍ය ජයග්‍රහණය වෙනුවෙන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ට මග පෙන්වූ පුහුණුකරුවන්ටත් හදවතින්ම සුබ පතනවා!
රාහුල වෙබ් කණ්ඩායමේ (Team Rahula Web) අලුතින් පත් කරන ලද 2025/26 විධායක කමිටුවට අපගේ උණුසුම් සුබ පැතුම්! විද්‍යාලයේ කීර්තිය දිගින් දිගටම බැබළවීමටත්, මෙතෙක් අපේක්ෂා නොකළ මට්ටම් කරා ළඟා වීමටත්, විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් ඔබට ශක්තිය ලැබේවා!
රාහුල වෙබ් කණ්ඩායමේ (Team Rahula Web) නික්ම යන 2024/25 විධායක කමිටුවට ඉදිරි වසර සඳහා සුබ පැතුම්! ඉදිරියේදී ඔබගේ සියලු කටයුතුවලට වාසනාව ලැබේවා! අප මාතෘ විද්‍යාලයේ නාමය නව මානයන් වෙත ගෙන යාමට ඔබ කළ කැපවීම වෙනුවෙන් හදවතින්ම ස්තූතියි!
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය සිසු දරුවන්ට සිය උපරිම හැකියාවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට සියලු සුබ පැතුම්!