The battle of the Golden Lions one day encounters

The battle of the golden lions රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය මැයි මස 9 සහ 10 දෙදින තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

StellaNox 2022

StellaNox 2022 රාහුල විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් අභ්‍යන්තර නිරීක්ෂණ සහ තාරකා ඡායාරූප වැඩමුළුව අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

​පළ​මු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය

රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල විද්‍යලයීය ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

StellaNox 2022 – ආරාධිත දේශනය

StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුළුව. ගැඹුරු අහස නිරීක්‍ෂණයේ සහ තාරකා ඡායාරූපකරණයේ නිරත වන පළපුරුදු තාරකා ඡායාරූප ශිල්පියකු වන ගීතික සපුකොටන මහතා මෙම උත්සවය සඳහා අපගේ ආරාධිත කථිකයා ලෙස හඳුන්වා දීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු.

StellaNox 2022 – ලියාපදිංචි වී​ම සඳ​හා විවෘත​යි

StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුලුව. සැඟවුණු අභිරහස් රාශියක් සහිත රාත්‍රී අහස දැකීමෙ​න් ඔබේ දැනුම පුළුල් කර ගැනීමට මෙම වැඩමුළුවේදී අප හා එක්වන්න. මෙම වැඩමුළුවේ​දී ප්‍රධාන වශයෙන් අරමුණු කර ඇත්තේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම මගින් සිසුන්​ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම, තාරකා විද්‍යාව සහ තාරකා ඡායාරූපකරණයේ වඩාත් වෘත්තීය ක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න…

“රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට…

“Battle of the Golden Lions” කල් දැමීමේ නිවේදනය

රටතුල උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් “battle of the golden lions” ක්‍රිකට් තරඟය කල්දමා තිබේ. නව දිනයන් ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරේ.

මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.