බටහිර ශිෂ්‍යභට තූර්‍යවාදක කණ්ඩයේ 29 වන සංවත්සරය

රාහුල විද්‍යාලයීය බටහිර ශිෂ්‍යභට තූර්‍යවාදක කණ්ඩයේ 29 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 22 දින, ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සපැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුන් වන ආදි ශිෂ්‍යභට මේජර් ජෙනරාල් කීර්ති කෝට්ටේවත්ත මහතාගේද, හක්මන මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේද, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නියොජ්‍ය විදුහල්පති ආදි ශිෂ්‍යභට කේ.එන්. රණසිංහ මහතාගේද, ආදි ශිෂ්‍යභට ඊ.පී.මදුමල්ක මහතාගේද, විද්‍යාලයීය විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය…

රන් දද සටන – 19 වන පාපන්දු තරගාවලිය 2023

අපේක්ෂාවෙන් යුතුව බලා සිටි රන්දද සටනේ මීළඟ තරගාවලිය, දෙසැම්බර් 1වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී.. එය අනපේක්ෂිත අවසානයකින් ආරම්භ වන සටන් බිමකි!

සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තර්ගාවලිය 2023

සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ ගිටාර් වාදන අංශයෙන් දෙවන ස්ථානය දිනාගත් K.K.G. මල්ෂ හන්සන දේශාන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලිය 2023

සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගාවලියේ තබ්ලා වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් G.P. සනිරු දිල්නෙත් පෙරේරාට අපගේ උණුසුම් සුභ පැතුම්!

සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 2023

2023 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ 2වන අනුශූරතාව දිනූ රාහුලයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!

රාහුල විද්‍යාලයීය පස්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ පදක්කම් ලැබීමේ උළෙල

රාහුල විද්‍යාලයීය පස්වන සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 83 දෙනෙක් පදක්කම් ලැබීමේ උළෙල විද්‍යාලයීය විදුහල්පතිනි සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මග පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් චාමර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පත්මණී ගණේවත්ත මහත්මිය, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර…

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය – 2023

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමෙන් ප්‍රථම ස්ථානය, වෙඩි තැබීමෙන් 3 වැනි ස්ථානය සහ 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා සහ සමස්ත දක්ෂතම විසිකරන්නා වූ බිනුද බෝජිතට අපගේ උණුසුම් සුබ පැතුම්.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය – 2023

අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 20න් පහළ 100m*4 Relay තරගයෙන් 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

සමස්ත ලංකා චෙස් තරගාවලිය 2023

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා චෙස් තරගාවලියෙන් 17න් පහළ 3වන ස්ථානය දිනාගත් රාහුලයන්ටත්, 17න් පහළ ඒකල(පිරිමි) තරගයෙන් 3වන ස්ථානය දිනාගත් කේ.කේ දිනුජය කොඩිතුවක්කුටත් අපගේ උණුසුම් සුභ පැතුම්!

මලල ක්‍රීඩා කණ්ඩායමට සිදු කළ පරිත්‍යාගය

ගරු විදුහල්පති තුමිය සමිත කුරුකුලසූරිය මහත්මියගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා ඇදුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයේදී පැවැත්වුණි. එහිදී විද්‍යාලීය ආචාර්ය බුද්ධප්‍රිය වික්‍රමරත්න මහතා විසින් මලල ක්‍රීඩා කණ්ඩායම සඳහා ක්‍රීඩා පාවහන් යුගලයක් පරිත්‍යාග කළ අතර ආදි ශිෂ්‍ය සංගමයේ 90 වසර කණ්ඩායමේ එච්.ටී.ශාන්ත චාමින්ද සුභාෂ් මහතා විසින්…