සුබ අලුත් අවුරුද්දක් වේවා!
රාහුල විද්‍යාලය – මාතර
රාහුල විද්‍යාලය – මාතර
රටතුල උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් “battle of the golden lions” ක්‍රිකට් තරඟය කල්දමා තිබේ. නව දිනයන් ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරේ.
රාහුල විද්‍යාලයීය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අප්‍රේල් 5 සහ 6 දෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී…
රාහුල විද්‍යාලය විසින් නිල වශයෙන් නිකුත් කරන පුවත්
රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය මගින් සංවිධානය කරනු ලබන ගුවන් සේවා පිළිබඳ හදුන්වාදීමේ වැඩසටහන 2022 මාර්තු මස 16, 17 සහ 18 යන දින වල මාර්ගගත ක්‍රමය ඔස්සේ විද්‍යාලයීය සිසුන් උදෙසා අදියර තුනක් යටතේ පහත පරිදි විද්‍යලයීය දීප්තිමත් ආදි ශිෂ්‍ය ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් මෙහෙමයවනු ලැබේ. පළමු අදියරදිනය : 2022 මාර්තු මස 16 වන දින…
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනුබන “තාරකා භෞතික විද්‍යාව” පිළිබඳ සම්මන්ත්රනය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සුබෝධ රංගන මහතාගේ මෙහෙයවීමෙන් 2022 මාර්තු මස 02 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.
රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනුබන “දුරේක්ෂ වල පරිණාමය” පිළිබඳ සම්මන්ත්රනය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍ය සුපුල් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් 2022 පෙබරවාරි මස 16 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.