StellaNox 2022 – ලියාපදිංචි වී​ම සඳ​හා විවෘත​යි

StellaNox 2022 අභ්‍යන්තර පාසල් තාරකා නිරීක්ෂන වැඩමුලුව. සැඟවුණු අභිරහස් රාශියක් සහිත රාත්‍රී අහස දැකීමෙ​න් ඔබේ දැනුම පුළුල් කර ගැනීමට මෙම වැඩමුළුවේදී අප හා එක්වන්න. මෙම වැඩමුළුවේ​දී ප්‍රධාන වශයෙන් අරමුණු කර ඇත්තේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම මගින් සිසුන්​ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම, තාරකා විද්‍යාව සහ තාරකා ඡායාරූපකරණයේ වඩාත් වෘත්තීය ක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න…

“රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රහල් සවිය” ශිෂ්‍යත්ව වැඩසටහන, ප්‍රධාන ආරාධිත වශයෙන් පැමිණි විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, බ්‍රවුන්ස් කෘෂිකර්ම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු වන ඉන්දික ගුනවර්ධන මහතාගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී රහල් පුතුන් 225ක් සඳහා රුපියල් මිලියනකට…

“Battle of the Golden Lions” කල් දැමීමේ නිවේදනය

රටතුල උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් “battle of the golden lions” ක්‍රිකට් තරඟය කල්දමා තිබේ. නව දිනයන් ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරේ.

මංගල තූර්ය වාදක සංදර්ශනය

රාහුල විද්‍යාලයී​ය නව ප්‍රාථමික බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මංගල තූර්ය වාදක සංදර්ශනය රාහුල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වි​ණි.

පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය

රාහුල විද්‍යාලයීය පෝතක බාලදක්ෂයින්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය රාහුල විද්‍යාලයීය විදුහල්පති සුදත් සමරවික්‍රම මහතාගේ, නියෝජ්‍ය විදුහලපතිනී ලලනි කුමාරි මහත්මියගේ සහ රාහුල ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

INTRODUCTAVIA – ගුවන් සේවා පිළිබඳ හදුන්වාදීමේ වැඩසටහන

රාහුල විද්‍යාලයීය ගුවන් පියාසර සංගමය මගින් සංවිධානය කරනු ලබන ගුවන් සේවා පිළිබඳ හදුන්වාදීමේ වැඩසටහන 2022 මාර්තු මස 16, 17 සහ 18 යන දින වල මාර්ගගත ක්‍රමය ඔස්සේ විද්‍යාලයීය සිසුන් උදෙසා අදියර තුනක් යටතේ පහත පරිදි විද්‍යලයීය දීප්තිමත් ආදි ශිෂ්‍ය ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් මෙහෙමයවනු ලැබේ. පළමු අදියරදිනය : 2022 මාර්තු මස 16 වන දින…

ILLUMINATE –

රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා ස​ංගමය විසින් සංවිධානය කර​නුබන “තාරකා භෞතික විද්‍යා​ව” පිළිබඳ සම්මන්ත්‍රන​ය කොළ​ඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශි​ෂ්‍ය සුබෝධ රංග​න මහතා​ගේ මෙහෙයවීමෙන් 2022 මාර්​තු මස 02 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලයීය සිසුන් උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.