භෞතික විද්‍යාගාරයට විද්‍යා උපකරණ පරිත්‍යාග කළ විද්‍යාලයීය 79 – 80 කණ්ඩායම්

රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි

CyberCanvas’23, අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟය

ආනන්ද විද්‍යාලයේ රොබෝ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් ග්‍රැෆික් නිර්මාණ තරඟාවලිය වන CyberCanvas’23 හි ශූරයන්ට සුබ පැතුම්.! ජයග්‍රාහී නිර්මාණ :- පළමු ස්ථානය :- ජනිරු ඔෂාන්https://bit.ly/cybercanvas23_1stplace දෙවන ස්ථානය :- මිනග සමාදිත්https://bit.ly/cybercanvas23_2ndplace

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන රාහුල බාල දක්ෂයින්

දකුණු කොරියාවේදී පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන රාහුල බාල දක්ෂයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! සහභාගී වන කණ්ඩායම : රනුල් වික්‍රමසිංහ සහිරු කරුණාරත්න යොමාල් වික්‍රමසිංහ

8වන Ferguson Adventure කුසලානය 2023

ෆර්ගසන් උසස් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 8වන ෆර්ගසන් වික්‍රමාන්විත කුසලානයේ අනුශූරතාවය ලබා ගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට අපගේ උණුසුම් සුභ පැතුම්!

සිඟිති බාලදක්​ෂ සෞඛ්‍ය වැඩමුළුව 2023

රාහුල විද්‍යාලයීය “සිඟිති” බාලදක්ෂ භට පිරිස් විසින් සංවිධානය කරන ලද “සෞඛ්‍ය වැඩමුළුව 2023” රාහුල විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සහ 3 ශ්‍රේණියේ බාලදක්ෂයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 21 වැනි සිකුරාදා දින මාතර වෙලේගොඩ සුදසුන් වෙහෙරේදී පැවැත්විණි. මේ සඳහා විදුහල්පතිනී සමිතා කුරුකුලසූරිය මහත්මිය, ප්‍රාථමික අංශ විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මිය, විද්‍යාලයීය බාලදක්ෂ ආචර්ය වරුන්, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය…

Astron’23 – සමස්ත ලංකා තාරකා විද්‍යා තරගය

ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Astron’23 සමස්ත ලංකා තාරකා විද්‍යා තරගයෙන් ජයග්‍රහණය කළ රාහුල විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : සවිඳු සඳුමිණ නිම්න සචිත් මංජි ලියනාරච්චි චලන නෙත්සර ජනිරු පුල්සිත

Best Web LK විශේෂ ඇගයීම් සම්මාන​ය

රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය වන rahulacollege.lk වෙබ් අඩවිය, bestweb.lk 2023 තරගයෙන් විශේෂ ඇගයීම් සම්මානයක් දිනාගන්නා ලදී.