Book Cafe විවෘත කිරී​ම

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරිමේ අරමුණින් ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිනී පත්මනී ගනේවත්ත මහත්මියගේ සංකල්පයකට අනුව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ඉංජිනේරු ජනක ගමාච්චි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද Book Cafe ( Food for mind )එළිමහන්  පුස්තකාලය රාහුල විද්‍යාලයීය විදුහල්පතනී සමිතා කුරුකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආදී ශිෂ්‍ය ජනක ගමාච්ච් මහතාගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දිනයට…

විද්‍යා දින තරගය ජයගත් රාහුලයන්

ශාන්ත මරියා කන්‍යාරාමයේ විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද විද්‍යා දින තරගය වන Ciencia’23 හි ශූරයන් වූ රාහුල විද්‍යාලයීය විද්‍යා සංගමයට අපගේ උණුසුම් සුභ පැතුම්! ජයග්‍රාහී කණ්ඩායම : මොවිඳු ලෝචන N.W.K නිම්සර දසුන් නයනප්‍රිය සහන් දීඝායු නිමෙත් මාරසිංහ බිසෝන් රාසපුත්‍ර විසිත් රත්නායක වෙනුජ විමලරත්න

THRUST ’23 – රොකට් වැඩමුළුව සහ තරඟය

THRUST ’23 🚀✨රොකට් වැඩමුළුව සහ තරඟය මෙය රාහුලයන්ට රොකට් විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ දැනුම ඔප්නැංවීමට විශාල අවස්ථාවක්. මෙම අවස්ථාවෙහිදී, ඔබ විසින්ම නිර්මාණය කර ගොඩනගා ගැනීමෙන් රොකට්ටුවක් පිටුපස ඇති සංකල්ප ගැන ඔබ ඉගෙන ගනු ඇත. දිනය: 2023 ඔක්තෝබර් 04 වේලාව: ප.ව. 2.00 – ප.ව. 5.00 ස්ථානය: පාසල් පරිශ්‍රය පහත සපයා ඇති ගූගල් පෝරමය හරහා වැඩමුළුව සමඟ ලියාපදිංචි…

නව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් නදීජගෙ​න්

ශිෂ්‍ය පාර්ලිමේන්තුව – 2023 රාහුල විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා, සිසුන් තොරාගැනීමට මනාප ලබාදීමේ ක්‍රියාන්විතය අද විද්‍යාලියය භූමියේදි සිදුවිය. විද්‍යාලයීය උසස් පෙළ සිසුවකු සහ පාසල් වෙබ් කණ්ඩායමේ සාමාජිකයෙකු වන නදීජ කල්හර සිසුවා එක්​ව පාසල් නිල වෙබ් කණ්ඩායම විසින් මනාප කටයුතු සඳහා අවශ්‍ය මෘදුකාංග හා QR කේත ක්‍රමයන් සැදීම මෙහි විශේෂත්වයකි. වාර්ථාව 2023.09.22 දිනමිණ පුවතපත.

සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලිය 2023

සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලිය 2023 Recorders Group Open කාණ්ඩය – සමස්ත ලංකා ප්‍රථම ස්ථානය Recorders Solo Senior – පළමු අනුශූරතාව Western Dance Junior – පළමු අනුශූරතාව සියලු ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුභ පැතුම් !

2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය

2022 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් අමිල මුණසිංහට අපගේ උණුසුම් සුභ පැතුම්.! රාහුල මාතාව නැවතත් ආඩම්බරයට පත් කිරීම ගැන ඔබට ස්තුතියි. මුළු රාහුල ප්‍රජාව වශයෙන් අප ඔබේ අනාගතයට සුබ පතමු. #RahulaCollege #RahulaCollegeLK

සමස්ත ලංකා බටහිර සංගීත සහ නර්තන තරගාවලිය – 2023

බටහිර නර්තනය (කනිෂ්ඨ), Recorder – කණ්ඩායම් (විවෘත) සහ Recorder – ඒකල (ජ්‍යේෂ්ඨ) යන කාණ්ඩ ත්‍රිත්වය තුළම තම ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්!

භෞතික විද්‍යාගාරයට සිදුකළ පරිත්‍යාගය 2023 – After Movie

රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යය සංගමයේ 79 – 80 කණ්ඩායම් විසින්, විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ භෞතික විද්‍යාගාරයට රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නවීන විද්‍යා උපකරණ පරිත්‍යාග කිරීමේ කටයුතු පසුගියදා විද්‍යාලයීය භෞතික විද්‍යාගාරයේ දී සිදු කෙරිණි. Video Courtesy : Team Rahula Web https://www.youtube.com/watch?v=fXbBMBri9FE