5 ශ්‍රේණියේ දරුවන්ගේ ශීල සමාදාන වැඩ සටහන
දුරුතු පෝය වෙනුවෙන් ප්‍රාථමික අංශයේ 5 ශ්‍රේණියේ දරුවන්ගේ ශීල සමාදාන වැඩ සටහන.
දුරුතු පෝය වෙනුවෙන් ප්‍රාථමික අංශයේ 5 ශ්‍රේණියේ දරුවන්ගේ ශීල සමාදාන වැඩ සටහන.
රාහුල විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය නර්තන අංශයෙහි සිසුන් 38 දෙනෙකු හිස වෙස් පැළඳවීමේ උත්සවයේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ විය.
2022 වසරේ ශ්‍රී ලංකා පාසල් අවුරුදු 17න් පහළ බාලක සුපිරි ඒ කොටසේ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ දෙවැනි අනුශූරතාව රාහුල විද්‍යාලය දිනා ගන්නා ලදී.
2022 දෙසැම්බර් 24 වන දින මාතර රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවති 2022 ජපාන කරාතේ Do Dojokai 12 වැනි ජාතික ශූරතාවලියේ,14න් පහළ කණ්ඩායම් කාතා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රාහුල විද්‍යාලය සමත් විය. ක්‍රීඩකයන් වූ සසෙන් රූබසිංහ, පහන් මනහර, විතුල දෙව්සිතු සහ පුහුණුකරු එස්.රූබසිංහ මහතා ඇතුළු කණ්ඩායමට රාහුල විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් !
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 110ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සහ පා ගමන සඳහා රාහුල විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම සහභාගී විය.
රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට අවුරුදු 100 පිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 4 කට අධික ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමට කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් විද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා සඳහා අවශ්‍ය රුපියල් 626000/- පමණ වටිනා ක්‍රීඩා උපකරණ විද්‍යාලය වෙත ලබාදෙනු ලැබීය.